හයිටි භූමිකම්පාවෙන් මියගිය ගණන 304 ක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 15, 2021

හයිටි භූමිකම්පාවෙන් මියගිය ගණන 304 ක්

හයිටි රාජ්‍යය කැලැඹූ ප්‍රබල භූමි කම්පාවෙන් මියගිය ගණන මේවනවිට 304 තෙක් ඉහළ ගොස් ඇති බවත්, එය තවත් ඉහළ යා හැකි බවත් එරට සිවිල් ආරක්ෂක ඒජන්සිය පවසයි. 

භූමි කම්පාවෙන් තුවාල ලැබූවන් ගණන 1,800 ට වැඩිය. නිවස සහ ගොඩනැගිලි රැසක් මුළුමනින්ම පාහේ විනාශ වී ඇති බවත්, සුන්බුන් අතර සිරවූවන් සහ මළසිරුරු සොයා ගැනීම දිගටම සිදුවෙමින් පවතින බවත් හයිටි සිවිල් ආරක්ෂක ඒජන්සි ප්‍රධානී ජෙරී චැන්ඩ්ලර් මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා ඇත.

භූමි කම්පාව හටගත්තේ ඊයේ (14) ය. එය රික්ටර් පරිමාණයේ ඒකක 7.2 ක ප්‍රබලත්වයක් සටහන් කළේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය අවට රටවල් කිහිපයට දැනුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 
භූමි කම්පාවේ අපිකේන්ද්‍රය සටහන් වූයේ හයිටියේ පෝට් ඕ ප්‍රින්ස් අගනුවර සිට කිලෝ මීටර් 160 ක් දුරිනි. භූමි කම්පාවෙන් දරුණු ලෙස හානි සිදුවූ ඇතැයි පැවැසෙන්නේ හයිටියේ දකුණු දිග පළාත් සහ නගරවලටය. 

 භූමි කම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇගවීම් පවා නිකුත් කෙරුණි. පසුව හයිටි වෙරළ තීරයට අඩි 10ක් පමණ උසැති රළ කඩා වැදුණු බව ද වාර්තා විය. 

2010 වසරේ ජනවාරි මාසයේ, හයිටියට අති ප්‍රබල මෙන්ම බිහිසුණු භූමිකම්පාවකින් කැලඹිණි. පෝට් ඕ ප්‍රින්ස් අගනුවර මුළුමනින්ම පාහේ විනාශ විය. 

එම භූමිකම්පාවෙන් මියගිය ගණන ලක්ෂ 2 ඉක්මවූ අතර තුවාල ලැබූ ගණන ලක්ෂ 3 ඉක්මවීය. එම භූමි කම්පාවේ ප්‍රබලත්වය ඊයේ (14) හටගත් භූමිකම්පාවට වඩා ප්‍රබලත්වයෙන් අඩුවය. එම භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 7.0 ක් ලෙසය.

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom