ඇෆ්ගන් අර්බුදය ගැන මලාලා කනස්සල්ලෙන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 18, 2021

ඇෆ්ගන් අර්බුදය ගැන මලාලා කනස්සල්ලෙන්

ඇෆ්ගනිස්තානය යළි තලේබාන්වරුන් අතට පත්වීම සම්බන්ධයෙන්, නොබෙල් සාම ත්‍යාගලාභිනියක ද වන මලාලා යූසොෆ්සායි කනස්සල්ල පළ කර තිබේ.  23 හැවිරිදි ඔක්ස්ෆර්ඩ් උපාධිධාරිනියක ද වන මලාලා මෙසේ ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇත්තේ බීබීසී නාළිකාවේ නිවුස්නයිට් වැඩසටහනට එක්වෙමිනි. 

ඇෆ්ගන් කාන්තාවන් සහ දැරියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඇමෙරිකා ජනාධපති ජෝ බයිඩන් ඇතුළු ඇතුළු බටහිර රටවල නායකයන්ට තවත් බොහෝ දේ කිරීමට ඇති බවත්, ඔවුන් ඒ ගැන කැපවීමෙන් කටයුතු කළ යුතු බවත් මලාලා පෙන්වා දී තිබේ. මලාලා එත්සත් ජාතීන්ගේ තානාපතිවරියක ද වෙයි. මලාලා පාකිස්තාන යුවතියකි. 

අද ඇය මහා බ්‍රිතාන්‍යයේ ජීවත් වන්නේ ඇගේ මාපියන් සහ සොහොයුරා ද සමඟය. මලාලාට කැනඩාවේ ද පුරවැසිභාවය හිමිවී තිබේ. 2012 දී පාසල් දැරියක වූ මලාලා පාකිස්තාන තලේබාන්වරුන්ට එරෙහිව හඩ නැගුවාය. ඒ, බාලිකා අයිතීන් සුරකිමිනි. 

ඇය තලේබාන් ත්‍රස්තයකුගේ වෙඩි පහරට ලක් වූයේ ද ඒ නිසාය. 'තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමත් සමඟ මහා මානව ඛේදවාචකයක් නිර්මාණය වී තිබෙනවා. ඇෆ්ගන් වැසියන් ආරක්ෂා කර ගැනීම ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල වගකීමක්' යැයි මලාලා පෙන්වා දී තිබේ. 

෴ උපුටා ගැනීම - BBC

Classified_Ad

Classified_Ad_News_Bottom