නිවසේ සිට ප්‍රතිකාර - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Aug 9, 2021

නිවසේ සිට ප්‍රතිකාර

සංකූලතා නොමැති කොවිඩ් ආසාදිතයින් නිවෙස්වල රඳවා ගෙන ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය දිවයින පුරා අද (9) සිට ආරම්භ කෙරිණ. 

එම ක්‍රමවේදය නියමු ව්‍යාපෘතියක් ලෙස මෙතෙක් ක්‍රියාත්මක වූයේ බස්නාහිර පළාතේ පමණකි. 

මේ වැඩ පිළිවෙල යටතේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන හෝ සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන අවුරුදු දෙකේ සිට වයස අවුරුදු 65 දක්වා පුද්ගලයින් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්වල රඳවා ප්‍රතිකාර ලබාදීම කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

 රජය මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළයාමත් සමග රෝහල් ධාරිතාව ඉක්මවා යෑම සැලකිල්ලට ගෙනය. 

පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂාවකින් පසු කොවිඩ් ආසාදිත බවට තහවුරු වන රෝගීන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් පරීක්ෂා කරනු ලැබීමෙන් අනතුරුව නිවසේ සිට ප්‍රතිකාර කිරීමට නිර්දේශ කෙරෙනු ඇත.

අනතුරුව අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ආසාදිතයා නිවසේ සිට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කෙරෙන අතර දුරකථන මාර්ග ඔස්සේ කෙරෙන ලියාපදිංචි කිරීමෙන් අනතුරුව රෝගියා වෛද්‍ය අධීක්ෂණය යටතට ලක්කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

එම කටයුතු පසුව පැය 24 පුරා ක්‍රියාත්මක 1390 දුරක‍්ථන අංකය හරහා සම්බන්ධීකරණය කෙරෙන බව අමාත්‍යාංශ නිලධාරීහු පවසති.

Classified_Ad