ශලනිටත් 'කොවිඩ්' - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 4, 2021

ශලනිටත් 'කොවිඩ්'

ජනප්‍රිය මෙන්ම සම්මානනීය සුරූපී රංගන ශිල්පීනී ශලනි තාරකා කොරෝනා ආසාදිතයකු යැයි තහවුරු වී තිබේ. 
ශලනි, මෙසේ ආසාදිතයකු බවට පත් වී ඇත්තේ කොරෝනා මර්දන එන්නත් මාත්‍ර දෙකම නියමිත පරිදි ලබා ගෙන සිටින අවස්ථාවකය.  

තමන් ආසාදිතයකු වූ බවත්, පසුගිය දිනවල තමන්ට නිතර හමුවුණු අය විමසිල්ලෙන් පසුවන ලෙසත් නිරෝධායනයට යොමු වන ලෙසත් ශලනි, සිය FaceBook ගිණුම ඔස්සේ සටහනක් තබමින් පවසයි.
''සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ රෑගතකිරීම අතරතුර ශිල්පින් කොරෝනා ආසාධිත වීම හේතුවෙන් 31 වන දින සවස සිට නිවැසියන්ගෙන් ඈත්ව ස්වයං නිරෝධායනයට ලක්වුනෙමි. 
නමුත් පසුදින සිට ඇතිවු සැකසහිත රෝග ලක්ෂණ හේතුවෙන් කල PCR පරීක්ෂණයෙන් අද දින මා covid positive රෝගියෙකු ලෙස හදුනාගෙන ඇත.
මේ වන විට Sinopharm එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති අතර තවමත් කිසිම අපහසුතාවක් නැත. 
පසුගිය දිනයන්හි මා රංගනයෙන් දායක වු දර්ශන තල දැනුවත් කරඇති අතර ඒ දිනයන්හි මා හමුවු අයට ස්වයං නිරෝධායනට ලකවන ලෙසද ඉල්ලා සිටිමි. 
මේ මොහොතේ ලැබෙන දුරකථන ඇමතුම් සියල්ලටම පිළිතුරුදීමට නොහැකි වීම ගැන අමනාප නොවන්න. සොයා බැලු සියලු දෙනාටම ස්තූතියි''

Classified_Ad

Classified_Ad_News_Bottom