තෙවැනි මාත්‍රාව ප්‍රමාද කරන්න - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 5, 2021

තෙවැනි මාත්‍රාව ප්‍රමාද කරන්න

ලොව සෑම රටක්ම ආසන්න වශයෙන් සිය ජනගහනයෙන් සියයට 10ක් එන්නත්කරණය කර අවසන් කරන තෙක් ‘කොවිඩ්-19’ මර්දන එන්නත්වල තෙවැනි මාත්‍රාවක් ලබා නොදෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කර තිබේ.

විශේෂයෙන්ම වැඩි ආදායම් ලබන/පොහොසත් රටවලින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් අදනොම් ගබ්‍රියේසස් මෙම ඉල්ලීම කළේය. 

“අප ඉක්මනින් මේ ප්‍රතිපත්තිය වෙනස් කරන්න අවශ්‍යයි. එන්නත්වලින් වැඩි ප්‍රමාණයක් යන්න ඉහළ ආදායම් ලබන රටවලට. එය වෙනස් කරලා වැඩි ප්‍රමාණයක් අඩු ආදායම් ලබන රටවලට දෙන්න අවශ්‍ය” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැහැදිලි කළේය.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් වයිරසය සම්බන්ධයෙන් ඇති කරගත් උපකල්පන රැසක් මේ වනවිට වෙනස් වී තිබේ. දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන් වේගයෙන් වැඩි වීම හේතුවෙන් ලොව රටවල ආර්ථික ද දැඩි අර්බුදවලට මුහුණ දෙමින් තිබේ. 

නව කොරෝනා වයිරසයේ අලුත් ප්‍රභේද හේතුවෙන් විශේෂයෙන්ම එන්නත්කරණයට ලක් නොකළ පුද්ගලයන් කලින්ට වඩා අසනීප කරන්නේ ද නැද්ද සම්බන්ධයෙන් රෝග විශේෂඥයෝ ද මේ වනවිට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව සිටිති. නව කොරෝනා වයිරසය ලොවපුරා ව්‍යාප්ත වීමට පටන් ගැනීමෙන් පසු මේ වනවිට ලෝක ජනගහනයෙන් සියයට 2.6කට ආසන්න පිරිසකට වයිරසය ආසාදනය වී තිබේ. 

කෙසේ නමුත් මෙම සංඛ්‍යා වාර්තා වී ඇති දත්තවලට වඩා බෙහෙවින් යැයි විශේෂඥයන්ගේ මතය වී තිබේ. ලොවපුරා මෙතෙක් වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන් සියලු දෙනා එක් රටක් ලෙස සැලකුවහොත් එම රට ලොව අටවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන රට බවට පත්වේ. 

ලෝක ජනගහනය අතින් හත්වැනියට වැඩිම ජනගහනයක් සිටින්නේ නයිජීරියාවේය. ගෝලීයව නව කොරෝනා වයිරස ආසාදිතයන් මිලියන 100ක් වාර්තා වීමට වසරක් ගත විය.

දෙවැනි මිලියන 100 වාර්තා වීමට ගත වී ඇත්තේ මාස හයක් පමණි. වසංගතය හේතුවෙන් ලොවපුරා මේ වනවිට මියගොස් ඇති ගණන මිලියන 4.4කි. දින හතක සාමාන්‍ය ගත්විට පසුගිය සතියක කාලයේ දී වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දුනීසියාව, ඉන්දියාව සහ ඉරානය යන රටවලිනි. 

එම රටවලින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන, සෑම දිනකම/දෛනිකව වාර්තා වන ගෝලීය ආසාදිතයන්ගේ ගණනින් සියයට 38ක ප්‍රතිශතයක් නිරූපණය කරයි. 

ලොවපුරා නන්දෙසින් දෛනිකව වාර්තා වන සෑම ආසාදිතයන් හත්දෙනකුගෙන්ම අයකු වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. මේ අතර ධවල මන්දිරයේ වාර්තාවලට අනුව නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු තත්ත්වය දරුණු අතට හැරුණු රෝගීන්ගෙන් සියයට 97ක් එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන්ය.

෴ හර්ෂණ තුෂාර සිල්වා - AFP

Classified_Ad

Classified_Ad_News_Bottom