
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර තලේබාන් ත්‍රස්තවාදීන් විසින් අල්ලා ගනු ලැබූ අවස්ථාවේදී, ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී පලා ගියේ, ඔහුට හිමි සුඛෝපබෝගී මොටර් රථ හතර සහ හෙලිකොප්ටරයක් පිරෙන්න මුදල් ද සමඟ යැයි කාබුල් රුසියන් තානාපති කාර්යාලය පවසයි.
ඇෆ්ගන් ජනාධිපතිවරයා පලාගියේ ටජිකිස්තානයටය. ඔහු සමඟ කැබිනට් මණ්ඩල සාමාජිකයන් පිරිසක් ද ටජිකිස්තානයට ගිය බව අල් ජසීරා පුවත් සේවය පවසයි.
ජනාධිපතිවරයා මුදල් සහ මෝටර් රථ රැගෙන ගිය බව පවසා ඇත්තේ කාබුල් අගනුවර රුසියන් තානාපති කාර්යල ප්‍රකාශක නිකිතා ඉචෙන්කෝය.
'ජනාධිපතිවරයා පලා ගියේ ඔහුගේ කාර් 4 ත් අතරන් ඒවා ද සල්ලි මිටිවලින් පුරවා තිබුණා. මෝටර් රථ රැගෙන ගියේ විශේෂ හෙලිකොප්ටර් යානයකින්. සල්ලි මිටි කොතරඑම් තිබුණා ද කීවොත් ඉඩ නැති නිසා එයින් කොටසක් ගුවන් තොටුපොළේ දමා ගොස් තිබුණා.' යැයි රුසියන් තානාපති කාර්යල ප්‍රකාශක නිකිතා ඉචෙන්කෝ අල් ජසීරා සමඟ පවසා ඇත.
තලේබාන්වරුන් කාබුල් අගනුවර වට කර ඇතුළු වෙද්දී, ඔවුන්ට කිසිවකු හරස් නොවුණු බවත්, කිසිදු ආයාසයකින් තොරව තලේබාන් ත්‍රස්තයන් නගරය අත්පත් කරගත් බවත් අල් ජසීරා පුවත් සේවය වැඩි දුරටත් වාර්තා කර තිබේ. නගරය හැර යන ඕනෑම කෙනකුට කිසිදු බාධාවකින් තොරව පිටවී යන්න තමන් අවසර දෙන බව තලේබාන් සංවිධානය පවසා ඇත.
෴ උපුටා ගැනීම - Al Jazeera