බයිඩන් සමුළුව අමතයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 23, 2021

බයිඩන් සමුළුව අමතයි

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිය ඇමැතීය. බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියකට සහභාගී වී සැසිය ඇමැතූ පළමු අවස්ථාව මෙයයි. 

ලෝකය දරුණු ලෙස බෙදීමකට ලක් වී ඇති බවත්, එම බෙදීම නැති කිරීමට සෑම කෙනකුම එකමුතුව කටයුතු කළ යුතු බවත් ලෝකයේ පැවැත්ම තීරණය වන්නේ ඒ අනුව බවත් ඇමෙරිකන් ජනාධිපති බයිඩන් සිය දේශනය හරහා පෙන්වා දුන්නේය. 

'කොවිඩ් 19' වසංගතය හමුවේ මුහුණ දීමට සිදුවුණු අර්බුද සම්බන්ධයෙන් පමණක් නොව ලොවට වින කරන දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ද බයිඩන් කරුණු දැක්වීය. 

ප්‍රජාතන්ත්‍රවාදය හරහා සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහා රාජ්‍යයන් එකිනෙකා අතරේ පවතින අර්බුද විසඳා ගැනීම කළ යුතු බවත්, ඇමෙරිකන් ජනාධිපති ලෙස තමන් එය ආදර්ශයකින් ඔප්පු කර පෙන්වන බවත් බයිඩන් සිය දේශනයේ දී පැහැදිලි කළේය. 

ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් තමන් ගත් තීරණය සාධාරණීකරණය කිරීමට ද ජනාධිපති බයිඩන් අමතක නොකළේය. ඇමෙරිකාව වසර 20 කට පසු කිසිම රටක් සමඟ යුද්ධකට පැටලී නැති බවත්, ඉදිරියේ දී ද එසේ යුද්ධයකට පැටලීමේ අදහසක් නොමැති බවත්, රටවල් සමඟ පවතින 'නිරවි යුද්ධ' සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තමන් කඩිනමින් බලාපොරොත්තු වන බවත් බයිඩන් පැවැසීය.

චීනය, ඉරානය සම්බන්ධයෙන් ගැටුම් ඇති කර ගැනීමෙන් වැලකී සාමකාමීව කටයුතු කිරීමට තමන් අපේක්ෂා කරන බවත්, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට පැහැදිලි විසඳුමක් දීමට අවධානය යොමු කරන බවත් බයිඩන් පැවැසීය. මේ වනවිට ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය ඕස්ට්‍රේලියාව හවුල් කර ගනිමින් නව ආරක්ෂක සහයෝගීතා එකඟතාවක් ඇති කර ගෙන තිබේ. 

එම එකඟතාවට අනුව, ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන ලබා දීමට ද ඇමෙරිකාව සූදානම් වෙයි. මෙම එකඟතාව සම්බන්ධයෙන් ප්‍රංශය විරෝධය පළ කර ඇත. ඒ, ප්‍රංශය 2016 දී ඕස්ට්‍රේලියාව සමඟ සබ්මැරීන නිපදවීමේ ගිවිසුමකට අත්සන් කළ බැවිනි. එම ගිවිසුමෙන් ඉවත් වීමට ඕස්ට්‍රේලියාව මේ වනවිට තීරණය කර තිබේ. මෙම සහයෝගීතා එකඟතාව සම්බන්ධයෙන් හටගත් අර්බුදය පිළිබඳව ද බයිඩන් මහ සමුළුව අමතමින් කරුණු දැක්වීය.

෴ උපුටා ගැනීම - CNN

Classified_Ad

Classified_Ad_News_Bottom