ජනපති ජගත් මහ සමුළුව අමතයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 23, 2021

ජනපති ජගත් මහ සමුළුව අමතයි

ලොව සියලුම ස්වෛරී රාජ්‍යයන් හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරය අමතමින් අවධාරණය කළේය.

ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයක් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු නොවන බවට සහතික වූ ජනාධිපතිවරයා ගෝලීය ත්‍රස්තවාදය ජය ගැනීමට බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ ජාත්‍යන්තර සහයෝගීතාවක් අවශ්‍යයි ද කීවේය.

කොවිඩ් වසංගතය කළමනාකරණය කිරීමට ශ්‍රී ලංකාව සාධනීය පියවර රැසක් ගත් බව ලෝක නායකයන් හමුවේ කී ජනාධිපතිවරයා කොවිඩ් වසංගත තත්වයෙන් උගත් පාඩම් හුවමාරු කරගැනීමට ශ්‍රී ලංකාව කලාපීය දැනුම් කේන්ද්‍රයක් බවට පත් කිරීමට අපේක්ෂා කරන බවද කියා සිටියේය. 

 සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික අවිනිශ්චිතතාව යෙන් මිදීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක් අවශ්‍ය යැයි කී ජනාධිපති රාජපක්ෂ මහතා ආර්ථිකය නැවත පණ ගැන්වීමේ හා ජාතික සංවර්ධන වැඩ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බවද සඳහන් කළේය.

ජනවාර්ගික ආගම් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා සමෘද්ධිමත් සුරක්ෂිත අනාගතයක් ගොඩ නැගීම තම රජයේ ප්‍රමුඛ අරමුණ බව කී ජනාධිපතිවරයා ඒ සඳහා පියවර රැසක් ගෙන ඇති බවද කීවේය. 

තිරසරභාවය යනු ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුවෙි ප්‍රධාන අංගයක් ඇයිද, කාබන්හරණයට සහාය වීමේ හදිසි අවශ්‍යතාව ශ්‍රී ලංකාව අවබෝධ කරගෙන සිටින බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම පිළිබඳ මනා දර්ශනයක් ශ්‍රී ලංකාව සතු යැයිද ඔහු සඳහන් කළේය. 

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව, අධිකරණය සහ එහි ඇති ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනවලට තම කාර්යයන් හා වගකීම් ඉටුකිරීම සඳහා සීමා රහිත අවකාශයක් තිබිය යුතු යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය . සියලුම ජනතාවගේ සමෘද්ධිය වෙනුවෙන් නීති, නියාමන, පරිපාලන හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි පුළුල් පතිසංස්කරණ කෙරෙහි තම රජයේ අවධානය යොමු කර ඇති බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරය නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පසුගිය 21 වැනිදා ආරම්භ වූ අතර, එහි දෙවැනි දිනය වූ ඊයේ (22) ජනාධිපතිවරයා සමුළුව ඇමැතුවේය.

෴ ජනපති මාධ්‍ය අංශය

Classified_Ad

Classified_Ad_News_Bottom