එන්නත් සහතික නිසි ප්‍රමිතියකට ඕනෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 25, 2021

එන්නත් සහතික නිසි ප්‍රමිතියකට ඕනෑ

විදේශීය රටවල එන්නත් සහතික නිසි ප්‍රමිතියකට තිබිය යුතු බවත්, ඉන්දියාවේ 'කොවිෂීල්ඩ්' සම්බන්ධයෙන් ගැටලු මතු වූයේ, එම එන්නත පිළිබඳ ප්‍රශ්නයක් නිසා නොව, එන්නත ලබා ගැනීමෙන් පසු ඉන්දීය රජය නිකුත් කරන එන්නත සහතිකය එසේත් නැතිනම් එන්නත්ත කාඩ්පත 'අවම නිර්ණායක' සම්පූර්ණ නොකළ නිසා යැයි මහා බ්‍රිතාන්‍යය පවසයි. 

ඉන්දියාව එරට වැසියන්ට ලබා දෙන එන්නත් වර්ග දෙකක් නිපදවන්නේ ඉන්දියාව තුළය. එයින් ප්‍රධාන එන්නත වන්නේ 'කොවිෂීල්ඩ්' ය. 'කොවිෂීල්ඩ්' යනු මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ලෝ සුපතල ඇස්ට්‍රා සෙනකා ඖෂධ නිෂ්පාදන සමාගම, ඉන්දියාවේ 'සේරම්' ඖෂධ නිෂ්පාදන සමාගම සමඟ හවුලේ නිපදවන 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතය. 

පූනේ නුවර පිහිටි 'සේරම්' ආයතනය විදෙස් ඖෂධ සමාගම් සමඟ එක් වී විදේශ සඳහා ඖෂධ නිපදවන දැවැන්ත සමාගමකි. පසුගිය කාලය පුරාවට 'කොවිෂීල්ඩ්' එන්නත ලබා ගෙන මහා බ්‍රිතාන්‍යයට පැමිණෙන ඉන්දියානුවන්ට හෝ වෙනත් විදේශිකයන්ට හෝ දැඩි නිරෝධායන නීතිවලට යටත් වීමට සිදුවිය. ඒ, 'කොවිෂීල්ඩ්' එන්නත, මහා බ්‍රිතාන්‍යයේ සංචාරය සඳහා අනුමත එන්නතක් ලෙස නම් නොකළ බැවිනි.

ඉන්දියානුවන් මිලියන 721කට ලබා දී ඇත්තේ 'කොවිෂීල්ඩ්' එන්නත ය. ඒ අනුව, බ්‍රිතාන්‍ය රජය 'කොවිෂීල්ඩ්' සහ 'කොවැක්සින්' එන්නත් ලබාගෙන පැමිණෙන සියලු දෙනා සැලකුවේ එන්නත් ලබා නොගෙන පැමිණෙන පුද්ගලයන් ලෙසය. ඒ අනුව, මේ වනතුරු ගුවන් තොටුපොළට පැමිණ දින 10ක් නිරෝධායනය වීම අනිවාර්ය කෙරුණි. 

කොවිෂීල්ඩ් එන්නතට අනුමැතිය ලබා නොදීම සම්බන්ධයෙන් ඉන්දියාවත් බ්‍රිතාන්‍යයත් අතර ඇයිහොඳයිකම් පළුදු විය. කෙසේ නමුත් මේ වනවිට 'ෆයිසර්', 'මොඩර්නා', 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' ආදී එන්නත් මෙන්ම 'කොවිෂීල්ඩ්' එන්නත ද බ්‍රිතාන්‍යයේ සංචාරය සඳහා අනුමත එන්නතක් ලෙස නම් කිරීමට මහා බ්‍රිතාන්‍යය තීරණය කළේය.

Classified_Ad

Classified_Ad_News_Bottom