ජපන් විකෘතිය ඇමෙරිකාවේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 25, 2021

ජපන් විකෘතිය ඇමෙරිකාවේ

ප්‍රතිශක්තිකරණ එන්නත්වලින් පවා අඩපණ කළ නොහැකි ආකාරයේ ඉතා වේගයෙන් පැතිරෙන තවත් බිහිසුණු නව 'කොවිඩ් 19' විකෘතියක් කෙරෙහි විමසිල්ලෙන් පසුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙම විකෘතිය නම් කර ඇත්තේ 'ආර්.1' යනුවෙනි. විකෘතියේ ආරම්භය සිදුවූ වී ඇත්තේ ජපානයෙනි. 

මේ වනවිට ඇමෙරිකාවේ කන්ටෙකි ජනපදයේ ටේලෝස්විල් නගරයෙන් 'ආර්.1' විකෘතිය ආසාදනය වූ 'කොවිඩ් 19' ආසාදිතයන් 45 දෙනකු හමුවුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ. එම ආසාදිතයන් 45 දෙනා නගර වැසියන් සහ සෞඛ්‍ය සේවක සේවිකාවන් බවත් ඔවුන් සියලු දෙනා නියමිත පරිදි එන්නත්කරණයට ලක්වූවන් බවත් කෙන්ටකි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෙන්වා දෙති.

'ආර්.1' විකෘතිය 'කොවිඩ් 19' විකෘති ප්‍රභේද කීපයක් මිශ්‍ර වී නිර්මාණය වූවකි. මේ වනවිටත් මෙවැනි තවත් විකෘති කීපයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන් පසුවෙයි. මේ සියලු විකෘති එන්නත්වලින් අඩපණ කළ නොහැකි බව පැවැසෙයි. මේවා 'ඩෙල්ටා', 'ලැම්බ්ඩා', 'මූ' ආදී 'කොවිඩ් 19' ප්‍රභේදවලට වඩා බිහිසුණු බව මේ වනවිට තහවුරු වී තිබේ. 

මේ අතර, අවදානම් වයස් කාණ්ඩයේ පසුවන ඇමෙරිකාවේ අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන් සඳහා 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතේ දෙවැනි මාත්‍රාවක් ලබා දීම කෙරෙහි සුදුසු යැයි ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය තීරණය කර තිබේ. ඒ අනුව, ප්‍රවර්ධක එන්නතක් නැතිනම් බූස්ටර් එන්නතක් ලෙස ලබා දෙනු ඇත්තේ 'ෆයිසර්' එන්නත බව ද පැවැසෙයි.

'ෆයිසර්' යනු ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම නිපදවන 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද ඉහළ පිළිගැනීමකට ලක් වී ඇත්තේ 'ෆයිසර්' එන්නතය. මෙය එම්.ආර්.එන්.ඒ. වර්ගයේ එන්නතක් වන අතර ඇමෙරිකාවේ බොහෝ දෙනකුට ලැබී ඇත්තේ ද 'ෆයිසර්' එන්නතය. 

'ෆයිසර්' සමාගම යෝජනා කර ඇත්තේ ඇමෙරිකාවේ අවුරුදු 16 ට වැඩි පළමු සහ දෙවැනි 'ෆයිසර්' එන්නත් ලබා ගත් සියලු දෙනාට මාස 6 කට පසු තෙවැනි මාත්‍රාවක් ලබා දිය යුතු බවය. කෙසේ නමුත් ඇමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයෙන් තීරණය කළේ 65 ට වැඩි වැඩිහිටියන් සඳහා පමණක් තෙවැනි මාත්‍රාවක් දිය යුතු බවය. 

ඇමෙරිකානුවන්ට ලැබෙන දෙවැනි එන්නත වන්නේ 'මොඩර්නා' එන්නතය. මෙය ද 'ෆයිසර්' එන්නත සේම, එම්.ආර්.එන්.ඒ වර්ගයේ එන්නතකි. 'ෆයිසර්' හෝ 'මොඩර්නා' හෝ ලබා ගන්නා ගැබිනි මවුවරුන් බිහිකරන දරුවන්ගේ සිරුරේ 'කොවිඩ් 19' වයිරසයට එරෙහි ඉහළ ප්‍රතිශක්තියක් නිර්මාණය වන බව ද ඇමෙරිකන් වෛද්‍ය පරීක්ෂකයන් සිදුකළ නවතම අධ්‍යයනයකින් තහවුරු වී ඇත.

෴ උපුටා ගැනීම - CNN

Classified_Ad

Classified_Ad_News_Bottom