ඉන්දියාවේ දරුවන් අතරේ මාරක වයිරස උණක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 1, 2021

ඉන්දියාවේ දරුවන් අතරේ මාරක වයිරස උණක්

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක කීපයක මාරක වයිරස උණ රෝගයක් පැතිර යමින් පවතින බවත්, මේ වනවිට කුඩා දරුවන් 50 කට වැඩි ගණනක් ඊට බිලි වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 

තද උණ, හිසේ කැක්කුම, හන්දි වේදනාව, විජලනය, පාචනය බහුලව වාර්තා වන රෝග ලක්ෂණ බවත්, ඇතැම් දරුවන්ගේ අත්වල සහ පාදවල රතු බිබිලි හට ගැනීම රෝග ලක්ෂණ යැයි පැවැසෙයි. වයිරස උණ රෝගයට ගොදුරු වූ කිසිවකු 'කොවිඩ් 19' ආසාදිතයන් නොවන බව ද උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් සැක හැර දැනගෙන තිබේ. 

වයිරස උණ රෝගය පැතිරීම ආරම්භ වෙද්දී, වෛද්‍යවරුන් අනුමාන කළේ එය ඩෙංගු රෝගයේ ව්‍යාප්තියක් බවය. කෙසේ නමුත් රුධිර පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ උණ රෝගය ඩෙංගු නොවන බවය. 

මේ වනවිටත් අබිරහස් උණ රෝගය දිස්ත්‍රික්ක 6 ක පැතිර ගොස් ඇති බවත් රෝහල් ළමා වාට්ටු කුඩා දරුවන්ගෙන් පිරී ඇති බවත් වාර්තා වේ. දරුවන් පමණක් නොව, වැඩිහිටියන් ද මෙම උණ රෝගයට ගොදුරු වන නමුත් මරණ වාර්තා වන්නේ කුඩා දරුවන් අතරේ පමණක් යැයි ද පැවැසෙයි. 

උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය ද 'කොවිඩ් 19' වසංගතයෙන් දරුණු ලෙස බැටකෑවේය. කෙසේ නමුත්, එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වීම සහ සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් 'කොවිඩ් 19' වයිරස ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක් දකින්න ලැබෙන බව වාර්තා වේ. මෙම නව උණ වයිරසය ව්‍යාප්තවීමට පටන්ගෙන ඇත්තේ එවැනි අවස්ථාවකය.

෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom