ඉන්දීය හමුදාපති ජනපති හමුවෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Oct 14, 2021

ඉන්දීය හමුදාපති ජනපති හමුවෙයි

සිවුදින නිල සංචාරයක සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවනේ මහතා ඊයේ (13) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසී සාකච්ඡා පැවැත්වීය. 

ජනාධිපති කාර්යාලයේ දී මෙම සාකච්ඡා පැවැත්විණි. ද්විපාර්ශවික ආරක්ෂක සම්බන්ධත තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් මඟ පෙන්වීමක් ලබාගැනීමේ අරමුණින් ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී නාරාවනේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණු ගැසුණු බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ය. 

කොළඹ ආරක්ෂක පර්ෂදය ඇතුළු ආරක්ෂක ක්ෂේත්‍රය තුළ ඉන්දියාවේ සහකරුවකු ලෙස ශ්‍රී ලංකාව ඉටුකරන පුරෝගාමී භූමිකාව අගය කරන බව ජෙනරාල් නාරාවනේ මහතා පවසා ඇත. 

මෙම අවස්ථාවට ජනාධිපති ආචාර්ය පී.බී.ජයසුන්දර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් සහ ඉන්දියානු නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

෴ හර්ෂණ තුෂාර සිල්වා

Classified_Ad