ෂාරුක් පුතුට ඇප වුණේ ජුහී චවුලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Oct 30, 2021

ෂාරුක් පුතුට ඇප වුණේ ජුහී චවුලා

මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටි සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුතු ආර්යන් ඛාන් හට ඇප තැන්පත් කිරීම සඳහා ඉදිරිපත් වූයේ ෂාරුක් සමඟ චිත්‍රපට රැසක ඔහුගේ පෙම්වතිය ලෙස රංගනයෙන් දායක වූ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නිළියක ද වන ජුහී චවුලාය. 

ආර්යන් ඛාන් පසුගිය 28 වැනිදා ඇප මත නිදහස් ලැබුවත්, ඊට අදාළ ඉන්දීය රුපියල් ලක්ෂයක ඇප අත්සන් කිරීමේ කටයුතු සිදුවූයේ ඊයේ (29) දිනයේය. සියලු කටයුතු අද (30) අවසන් වනු ඇති බවත් අද දිනයේ ෂාරුක් පුතු ආර්යාන් බන්ධනාගාරයෙන් නිදහස ලබනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. 

ජුහී චවුලා, ෂාරුක් ඛාන්ගේ පමණක් නොව, ෂාරුක්ගේ බිරිඳ ගෞරි ඛාන්ගේ ද හොඳම මිතුරියකි. ෂාරුක්ගේ පුතු වෙනුවෙන් ඇප වීමට ජුහී චවුලා කටයුතු කිරීම ඉන්දීයහ මාධ්‍යවල දැඩි අවධානයට ලක් විය. 

෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad