ඇමෙරිකන් තානාපතිනියගේ සේවා කාලය අවසන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Oct 30, 2021

ඇමෙරිකන් තානාපතිනියගේ සේවා කාලය අවසන්

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ලෙස ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මියගේ සේවා කාලය අවසන් විය. සේවා කාලය අවසන් කර ආපසු යෑමට පෙර ඇය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවූවාය. 

ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ඇලයිනා මහත්මිය දැක්වූ සහය අගය කළ ජනාධිපතිතුමා කොවිඩ් වසංගතය මර්දනය සඳහා එන්නත්කරණය, වෛද්‍ය උපකරණ සැපයීම ඇතුළු ක්‍රියාවලියේ දී ඇමරිකානු රජය මෙරටට දැක්වූ සහාය පිළිබඳව ද කෘතඥතාව පළ කළේය. 

එන්නත්කරණයේ දී සහ කොවිඩ් මර්දන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සතුට පළ කළ තානාපතිනිය සිය රාජකාරි පහසු කර ගැනීම සඳහා මෙරටින් ලැබුණු සහයෝගයට ජනාධිපතිවරයාට සහ රජයට ස්තූතිය පළ කළාය. ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මියගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ද ජනාධිපතිවරයා සිය සුභාශීංසන එක් කිරීමට අමතක නොකළේය.

Classified_Ad

Classified_Ad_News_Bottom