කණ්ණාඩ සුපිරි තරුව සමුගනී - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Oct 30, 2021

කණ්ණාඩ සුපිරි තරුව සමුගනී

කණ්ණාඩා සිනමාවේ ජනප්‍රිය නළු පුනීත් රාජ්කුමාර් හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය. මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ වයස අවුරුදු 46 ක් බවය. 

පුනීත් රාජ්කුමාර් ඊයේ (29) උදෑසන ශරීර සුවතා මධ්‍යස්ථානයේ ව්‍යායාම ගනිමින් සිටිද්දී මහන්සියක් දැණුනු බව පවසා ඇත. කඩිනමින් ඔහු බෙංගලූරු පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කෙරුණි. කෙසේ නමුත් ඊයේ (29) සවස රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ පුනීත් රාජ්කුමාර් දිවියෙන් සමුගත් බවය.

පුනීත් රාජ්කුමාර් රෝහල්ගත වූ පුවත සැලවීමත් සමඟ ඔහුගේ රසික රසිකාවියන් බොහෝ පිරිසක් රෝහලෙන් පිටත රැස්ව සිටි බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

චිත්‍රපට 29ක රඟපෑ රාජ්කුමාර්, කණ්ණාඩ සිනමාවේ "සුපර් ස්ටාර්", එනම් "සුපිරි තරුව" ලෙසින් ද හැඳින්විණි. 1975 වසරේ දී චෙන්නායි අගනුවර උපන් රාජ්කුමාර්ගේ චිත්‍රපට රසිකයින් බොහෝ සේ වැළඳගත් ඒවා වන අතර, විවිධ භාෂාවලින් ඒවා තිරගත කර තිබේ. පුනීත් රාජ්කුමාර් රංගනයට පිවිසියේ කුඩා කාලයේය. 

පුනීත් රාජ්කුමාර්  'හොඳම ළමා නළුවා' ලෙස ඉන්දීය ජාතික චිත්‍රපට උළෙලේදී සම්මානයට පාත්‍ර විය. ඒ 'බෙටාබූ හූවූ' චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙනි. මෙම චිත්‍රපටයේ පුනීත් රාජ්කුමාර් රංගනයෙන් එක් වූයේ ඔහුගේ පියා සමඟය. 

පුනීත් රාජ්කුමාර් අඩු වයසින් දිවියෙන් සමුගැනීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ට්විටර් පණිවුටඩයක් නිකුත් කරමින් සොව පළ කර ඇත.එ

෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom