සිඩ්නි නුවර ලොක්ඩවුන් අවසන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Oct 11, 2021

සිඩ්නි නුවර ලොක්ඩවුන් අවසන්

'කොවිඩ් 19' වයිරස ව්‍යාප්තියත් සමඟ දින 106 ක් වසා තැබුණු (ලොක්ඩවුන්) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අද (11) යළි විවෘත කෙරුණි. 

ලොක්ඩවුන් තහංචි ඉවත් කරන බව සෞඛ්‍ය බලධාරීන් පැවැසූ අවස්ථාවේදී, ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සිඩ්නි වැසියන් අමතමින් කියා සිටියේ එන්නත්කරණ වැඩසටහනේ සාර්ථකත්වයත් සමඟ සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින්, නව සාමාන්‍යකරණය යටතේ 'කොවිඩ් 19' සමඟ ජීවත් වීමට හුරු විය යුතු බවය. 

ඒ අනුව, සිඩ්නි වැසියන් බොහෝ දෙනකු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ 'කොවිඩ් 19' සමඟ ජීවත් වීමට තමන් හුරුවන බවය. අද (11) ලොක්ඩවුන් තහංචි ඉවත් වෙද්දී, නිවෙස්වලින් බැහැරවීමට අවස්ථාව ලැබුණේ එන්නත් මාත්‍රා දෙකම නියමිත පරිදි ලබා ගත් සිඩ්නි වැසියන්ට පමණි. 

අවන්හල් සහ සැලූන් විවෘත කෙරුණු අතර එන්නත් මාත්‍රා නියමිත පරිදි ලබා ගත් සිඩ්නි වැසියන්ට ඒවාට ඇතුළු වීමට ඉඩ ලැබුණි. සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම මුහුණු ආවරණ පැලදීම අනිවාර්යයෙන් කළ යුතු යැයි සෞඛ්‍ය බලධාරීන් සිඩ්නි වැසියන්ට උපදෙස් දී තිබුණි. 

මේ වනවිට සිඩ්නි නුවර ඇතුළත් නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ අවුරුදු 16 ට වැඩි සියයට 70 කට වඩා වැඩි පිරිසකට එන්නත් මාත්‍රා දෙකම ලබා දී අවසන් බව පැවැසෙයි. පසුගිය දින 106 පුරාවට සිඩ්නි නුවර ලොක්ඩවුන් කර තැබුණේ ඩෙල්ටා විකෘතියේ ව්‍යාප්තිය හේතුවෙනි.

෴ උපුටා ගැනීම - AFP

Classified_Ad

Classified_Ad_News_Bottom