කලාව මගේ ඇඟේ තියෙන දෙයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Oct 20, 2021

කලාව මගේ ඇඟේ තියෙන දෙයක්

'හිරු මෙගා ස්ටාර්' නර්තන තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගැනීමත් සමඟ ඩිෂ්නි උමාරියෝ රාජපක්ෂ ගැන නොදන්න කෙනෙක් නොමැති තරම්ය. නර්තනයෙන් දස්කම් පෙන්වීමට පෙර, ඩිෂ්නි කලා ක්ෂේත්‍රයට පිවිසියේ නිරූපණ ක්ෂේත්‍රය හරහාය. රංගනයටත් නර්නතයටත් දස්කම් පෙන්වන ඩිෂ්නි වෘත්තියෙන් ගුරුවරියක ද වෙයි. 

ඩිෂ්නි ඔයා ගැන විස්තර කියමුකෝ 
මම ආස දේ කරන් කැමති කෙනෙක්. ෆැෂන් වුනත් මම කැමති දෙයක්. ලැබෙන නිදහස් කාලය උපරිම ප්‍රයෝජන අරන් ගෙවන්න මම කැමතියි. මම ජීවිතේ විඳින්න කැමති කෙනෙක්. කෑම බිම වුනත් ඇත්තටම වර්ග කරන්නේ නෑ මම ආස මොනවද මම කනවා. ෆිගර් අවුල් වෙයි කැත වෙයි කියලා මම කෑම නොකා ඉන්නේ නෑ. මම වැඩිපුරුම කිරි බොන්න ආසයි. කෙසෙල්, පෙයාස් වගේ පළතුරු කන්න ආසයිත මේ දේවල් මගේ ගමනට වුනත් ප්‍රයෝජන වෙනව කියන්නයි මම හිතන්නේ. 
ගුරුවරියක ලෙස ඔබේ කටයුතු ගැන කීවොත්? 
මම කුඩා කාලයේ පටන් වෛද්‍යවරියක් වෙන්නට සිහින මැව්වා. ඒත් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්න ලකුණු ප්‍රමාණවත් වුණේ නැහැ. ඉතින් මම පුර්ණ ළමා විය පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයන කටයුතු ආරම්භ කළා. රංගන නර්තන සහ නිරූපණ ශිල්පිනියක් ලෙස මම කටයුතු කරන්නේ විනෝදාංශයක් ලෙසයි. මම කුරුණෑගල නගරයේ ප්‍රාථමික අධ්‍යාපනය සහිත ජාත්‍යන්තර පාසලක් පවත්වාගෙන යනවා. 

කලා ක්ෂේත්‍රයට ආවේ කොහොමද? 
මම කලාවට සම්බන්ධ වෙන්නේ නිරූපණ ශිල්පිනයක් විදිහට. 2019 වර්ෂයේ මට මිස් ශ්‍රි ලංකා කිරුළට හිමිකම් කියන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි පිලිපිනයේ Queen Of International Tourism 2019 තරඟයෙන්ද තුන්වන ස්ථානය දිනා ගත්තා.‍ ඒ, රටවල් 40 ක් අතරින්. ඒ අන්තර් ජාතික මට්ටමේ නිරූපණ තරඟාවලියක්. පුංචි කාලේ ඉදන් කලාව කියන දේ මගේ ඇගේ තිබුනා. මට කලාවට සම්බන්ධ වෙන්න ආස වුනත් ඒ වෙනුවෙන් මට කැප කිරිම් කරන්න සිද්ධ වුණා. 

ඔබේ කලා නිර්මාණ ගැන කීවොත්?
‘පත්තිනි’, ‘හිතුවක්කාරයෝ’, ‘සඳ පිණි වැස්ස’, ‘රාවණා’ ඇතුළු ටෙලිනාට්‍ය රැසක ඩිෂ්නිගේ රංගනය දැක ගන්න පුළුවන්. චිත්‍රපට දෙකකට මට කතා කරලා තිබුණා. එහි රූගත කිරීම් අරඹන්න සැලසුම් කරලයි තිබුණේ. නමුත් මේ වසංගතය එක්ක ඒවා ඉදිරි දිනවලට කල් ගියා. ඒ චරිත දෙකෙන් එකක් ආන්දෝලනාත්මක එකක් වේවි කියලයි මට හිතෙන්නේ. ඒ නිසා වැඩි විස්තර දැන්ම නොකියා ඉන්නම්. 
ආදරය ඉදිරියේ මොනවගේ කෙනෙක්ද? 
සාමාන්‍ය ජීවිතේ බොහෝ දෙනෙක් මාව දකින්නේ කෙළින් වැඩ කරන කෙනෙක් හැටියට. කියන්න තියෙන දේ මම මූණටම කියනවා.‍ වෙලාවකට මම කොල්ලෙක් වගේ කියලයි මගේ ළඟම යාළුවෝ කියනවා‍. හැබැයි එච්චර දඟකාර කොළිලොල් මම, ආදරය ඉස්සරහ හාත්පසින්ම වෙනස්. 

ඒ කියන්නේ ඔබ පෙම්වතියක්?
ඔව්. මං පෙම්වතියක්. මට හොඳ පෙම්වතෙක් ඉන්නවා. එයා දන්නවා මං වගකීමෙන් කටයුතු කරන කෙනෙක් බව. ඒ නිසා මට කිසිදු තහංචියක් නැහැ. එයා හොඳ රසවින්ඳනයක් ඇති කෙනෙක්. කාලයක් නිළියක් වෙන්න හිතාගෙන හිටියට පස්සේ ඒ සිතුවිල්ල යටපත් වුණා. ඒ කාලේ එයා තමයි මාව මේ ක්ෂේත්‍රයට යොමු කළේ.

෴ ඡායාරූප - මුහුණු පොතෙන්

Classified_Ad

Classified_Ad_News_Bottom