ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉදි කළ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) විවෘත කෙරුණි.
ශ්‍රී ලංකාවේ, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මහා සංඝරත්නය රැගෙන පිටත් වූ ගුවන් යානය එම ගුවන් තොටුපොළට ගොඩ බෑ පළමු ගුවන් යානය විය.
බෞද්ධ වන්දනාකරුවන් ඉලක්ක කරගනිමින් ඉන්දියාව තුළ බෞද්ධ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් මෙම ගුවන් තොටුපොළ ඉදි කර තිබේ. ගෞතම බුදු රජාණන් වහන්සේ පිරිනිර්වානයට පත් වූයේ ද කුෂිනගර්හිදී ය.
“ගෞතම බුදුන් වහන්සේට සම්බන්ධ ස්ථාන අතර සම්බන්ධතාව වැඩි කිරීමට අපේ අවධානය යොමු වී තිබෙනවා. එවැනි ස්ථාන සංවර්ධනය කිරීමටත් වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් සැලකීමටත් අපේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. මේ නිසා ඉන්දීය මධ්‍යම ආණ්ඩුවත් උත්තර් ප්‍රදේශ් ආණ්ඩුවත් කුෂිනගර් දියුණු කිරීමට ප්‍රමුඛත්වය දී තිබෙනවා” යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගුවන් තොටුපොළ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවැසීය.
ගුවන් තොටුපොළ විවෘත කිරීමත් සමඟ එම කලාපය තුළ ආර්ථික පද්ධතියක් නිර්මාණය වන බවත් ඒ තුළින් නව රැකියා නිර්මාණය බවත් හෙතෙම කීය.
“මෙම ගුවන් තොටුපොළත් සමඟ උත්තර් ප්‍රදේශ ප්‍රාන්තයේ ගුවන් තොටුපොළ සහ පර්යන්ත ගණන නවයක්. මේ සියල්ල තුළින් ජනතාවට සහන සහ පහසුකම් සැලසෙනවා. ඒ වගේම ජවාර් ගුවන් තොටුපොළත් ඉදි කෙරෙමින් තිබෙනවා. එය ඉන්දියාවේ විශාලතම ගුවන් තොටුපොළ බවට පත්වෙනවා. එහි කටයුතු වේගවත් කර තිබෙනවා” යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීය.
ලොවපුරා සිටින බෞද්ධ වන්දනාකරුවන් දස දහස් ගණනක් සෑම වසරකදීම කුෂිනගර් වෙත පැමිණෙති.
“කුෂිනගර් ගුවන් තොටුපොළට පැමිණෙන පළමු ගුවන් යානය ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයට කළ ආරාධනාව අපට කරපු විශේෂ සත්කාරයක්/සැලකිල්ලක්. කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබට පළමු ගුවන් යානය ශ්‍රී ලන්කන් ගුවන් සේයට අයත් යානයක්” යැයි මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
මහා සංඝරත්නයේ සිය නමක්, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිසක් වරණාසි වෙත ළඟා වූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
මෙම ගුවන් තොටුපොළ ඉදි කිරීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 260ක් වැය කර තිබේ.
ගුවන් තොටුපොළ විවෘත කිරීමේ අවස්ථාවට ඉන්දීය ආණ්ඩුවේ අමාත්‍යවරුන් ඇතුළු තවත් පිරිසක් සහභාගී වූහ.
කුෂිනගර් ගුවන් තොටුපොළ සහ බෞද්ධ සිද්ධාස්ථාන සම්බන්ධ කරමින් කඩිනමින් ගුවන් ගමන් ආරම්භ කරන බව මෙම අවස්ථාවට එක්වෙමින්, ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ජයෝතිරාදිත්‍ය සින්දියා පැවැසීය.
දිල්ලිය සහ කුෂිනගර් අතර ගුවන් ගමන් නොවැම්බර් 26 වැනිදා ආරම්භ කරන බවත් මුම්බායි-කුෂිනගර් සහ කුෂිනගර්-කොල්කටා අතර ගුවන් ගමන් ඉන් අනතුරුව ආරම්භ කරන බවත් හෙතෙම කීය.
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ තිබෙන ගුවන් තොටුපොළවලින් දීර්ඝතම ධාවන පථය තිබෙන්නේ මෙම කුෂිනගර් ගුවන් තොටුපොළේ වන අතර එහි දිග කිලෝමීටර 3.2කි. එහි පළල මීටර 45ක් යැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
ගුවන් තොටුපොළේ එකවර විශාල ගුවන් යානා හතරක් නවතා තැබිය හැකි යැයි ද එම මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.
මෙම ගුවන් තොටුපොළ විවෘත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව, තායිලන්තය වැනි කලාපයේ බුදුදහම ප්‍රචලිත රටවලින් ඉන්දියාවට පැසසුම් ලැබී ඇතැයි ද පැවැසෙයි.
ගෞතම බුදු රජාණන් වහන්සේ ගේ මහා පරිනිර්වාණය සිදුවූයේ කුසිනාරාවේදී ය. මේ හේතුවෙන් සෑම වසරකදීම බෞද්ධ වන්දනාකරුවන් සිය දහස් ගණනක් කුෂිනගර් වෙත පැමිණෙති.
ගුවන් තොටුපොළට සෑම පැයකදීම ගුවන් යානා අටක් එකවර හැසිර විය (පිටව යානා යානා හතරක් පැමිණෙන යානා හතරක්) හැසිරවිය හැකි බවත් ගුවන් තොටුපොළේ උපරිම මඟී ධාරිතාව පැයකදී මඟීන් 300ක් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම ගුවන් තොටුපොළ රාත්‍රී කාලයේදී විවෘත කර තැබීමට ඉන්දීය බලධාරීන් තීරණය කර ඇතැයි වාර්තා වේ. මෙම ගුවන් තොටුපොළ ඉදි කිරීම සඳහා ඉන්දීය රජය ඉන්දීය රුපියල් කෝටි 260ක් වැය කර තිබෙන අතර ගුවන් තොටුපොළේ මඟී පර්යන්තය වර්ග කිලෝමීටර 3,600ක් යැයි පැවැසෙයි.
෴ හර්ෂණ තුෂාර සිල්වා