ඉන්ජිනේරුවෙක්: බල්ලෙක්: රොබෝවෙක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 8, 2021

ඉන්ජිනේරුවෙක්: බල්ලෙක්: රොබෝවෙක්

සිනමා විචාරක පැසැසුමට ලක්වුණු සහ ඇමෙරිකන් සිනමාවේ නොමැකෙන සලකුණ ලෙස ලොව පුරා සිනමා ලෝලීන්ගේ ආදරයට පාත්‍ර වූ කෘතහස්ථ රංගන ශිල්පියකු ලෙස හොලිවුඩ් නළු ටොම් හෑන්ක්ස් සැලකිය හැකිය. 2019 දෙසැම්බරයේ 'කොවිඩ් 19' වසංගතය ආරම්භ වී, තරාතිරම නොබලා එය දන්න නොදන්න හැමෝටම ආසාදනය වෙද්දී, වසංගතය ගැන අප තුළ ඇති බිය දෙගුණ තෙගුණ විය. 65 හැවිරිදි ටොම් හෑන්ක්ස් ඔහුගේ බිරිඳ නිළි රීටා විල්සන් ද ආසාදිතයන් බවට පත්වූහ. 

හෑන්ක්ස් සහ රීටා විල්සන් වැනි  ජනප්‍රිය යුවළක් 'කොවිඩ් 19' ආසාදිතයන් බවට පත් වීම ලොව ප්‍රධාන පුවතක් විය. 'කොවිඩ් 19' ආසාදිතයකු වෙද්දී, ටොම් හෑන්ක්ස් සහ බිරිඳ රිටා සිටියේ ඕස්ට්‍රේලියාවේය. හෑන්ක්ස් ඕස්ට්‍රේලියාවට ගොස් සිටියේ රූගත කිරීමකටය. හෑන්ක්ස් සහ රීටා ආසාදිතයන් වීමත් සමඟ එම චිත්‍රපටයේ රූගත කිරීම් තාවකාලිකව නැවැතුණු අතර පසුව එම කටයුතු ආරම්භ විය. එම චිත්‍රපටය 'ෆිනිච්' Finch ය. 

දැන් 'ඇපල් ටීවී' Apple TV+ නාළිකාව ඔස්සේ 'ෆින්ච්' විකාශය ආරම්භ කර තිබේ. ටොම් හෑන්ක්ස් රංගනයෙන් එක්වුණු අනෙකුත් චිත්‍රපට මෙන්ම 'ෆනිච්' ද සුවිශේෂී අපූරු එකකි. මෙය විද්‍යා ප්‍රබන්ධයකි. 'ෆනිච්' චිත්‍රපටය ආරම්භ වී මිනිත්තු කීපයක් යද්දී එය ඔබට 2000 වසරේ තිරගත වූ හෑන්ක්ස් ප්‍රධාන චරිත නිරූපණය කරන Cast Away චිත්‍රපටය සිහි ගැන්වීම පුදුමයක් නොවෙයි.

කෙසේ නමුත්, Cast Away මෙන් නොව, 'ෆනිච්' චිත්‍රපටයේ හෑන්ස් හුදෙකලා රංගනයක් ඉදිරිපත් නොකරයි. එසේ වුවත් චිත්‍රපටය ගලා යන්නේ හෑන්ක්ස්ගේ රංගන දක්ෂතා අනුවය. 'ෆනිච්'  මිගුවෙල් සැපොචින්ක්ගේ අධ්‍යක්ෂණයකි. චිත්‍රපටයට ඇත්තේ සරල කතාවකි. චිත්‍රපටයේ චරිත වන්නේ ෆින්ච් නමැති දක්ෂ රොබෝ ඉන්ජිනේරුවරයා, ඔහු සමඟ සිටින 'ගුඩ්යර්' නමැති බලු සුරතලා සහ 'ජෙෆ්' ය.

චිත්‍රපටයට පාදක වන්නේ අනාගතයයි. සූර්ය ගිනිදැල් කුණාටු හේතුවෙන් ඕසෝන් තරය විනාශ වී පෘථිවිය ගිනියම් වී ඇත. හිරු එළියට නිරාවරණය වීම මරණයට අත වැනීමකි. දශක ගණනක් බලු සුරතලා සමඟ 'ෆින්ච්' සැඟවුණු ජීවිතයක් ගත කරයි. එහෙත්, දීර්ඝ කාලයක් විකිරණවලට නිරාවරණය වීම නිසා ෆින්ච් සිටින්නේ මරණාසන්නවය. ඔහු මියගිය පසු බලු සුරතලා රැක බලා ගැනීමටත් ආරක්ෂා කිරීමටත් කෙනෙකු අවශ්‍ය වෙයි. 

ෆිනිච් ඔහුගේ දැනුම භාවිත කරමින්, තනිවම හිතන්න පුළුවන්, තීන්දු තීරණ ගැනීමට පුළුවන් මානවරූපී රොබෝවෙක් නිර්මාණය කරයි. 'ජෙෆ්' යනු එම රොබෝය. 'ජෙෆ්'ට හඩ දෙන්නේ 'එක්ස්මෙන් ෆර්ස්ට් ක්ලාස්', 'ගෙය් අවුට්' වැනි චිත්‍රපට හරහා ජනප්‍රිය වූ කේලබ් ලැන්ඩ්‍රි ඩෝන්ස්ය. 

චිත්‍රපටය සඳහා 'ජෙෆ්' නිර්මාණය  පරිගණක තාක්ෂණය භාවිතයට ගෙන ඇත. එය කොතරම් තාත්වික ද යන්න චිත්‍රපටය නරඹද්දී පෙනෙයි. චිත්‍රපටය අර්ථවත් වන්නේ ෆිනිච් සහ ජෙෆ්ගේ සම්බන්ධයයි. දෙදෙනා අතර බැඳීම සහ විශ්වාසයයි. ප්‍රේක්ෂක හදවත් දිනූ රොබෝවරුන් පාදක කරගත් හොලිවුඩ් චිත්‍රපට බොහොමයකි. 'ෆින්ච්' චිත්‍රපටයේ 'ජෙෆ්' ද ඊට නොදෙවැනි බව ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් පෙනී යයි.

'ෆින්ච්' සහ 'ජෙෆ්' අතර එම බැඳීම චිත්‍රපටය එකදිගට කම්මැලි බවකින් තොරව නැරැඹීමට හේතු සාධකය වෙයි. නරඹන්නන්ගේ ඇසට කඳුළක් එක් කරන සිදුවීම් කීපයක් ම චිත්‍රපටයට අන්තර්ගතය. 'ෆින්ච්' චිත්‍රපටයේ අවසානය සනිටුහන් වෙන්නේ 'ෆනිච්'ගේ අරමුණ ඉටුවෙමිනි. ඒ සමඟ 'ජෙෆ්' වඩාත් පරිණත රොබෝවකු බවට පත් වෙයි.

Classified_Ad

Classified_Ad_News_Bottom