ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ අයෝධ්‍යා නුවර මේ මස 1 වැනිදා සිට 5 වැනිදා සිට පෑවත්වෙන දීපෝත්සව් සැමරුම සඳහා උත්තර් ප්‍රදේශ් රජය ශ්‍රී ලංකාවෙන් පහළොස් සාමාජික සංස්කෘතික දූත පිරිසකට ආරාධනා කර ඇත.
රාමායන ව්‍යාපෘතිය සඳහා වන ගෝලීය විශ්වකෝෂයේ ශ්‍රී ලංකා පරිච්ඡේදයේ සාමාජිකයන් වන ඥානකුමාර් සීතාම්බරම් සහ ගයාත්‍රි සුවීන්ද්‍රන් සහ කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ සහ නාට්‍ය කලා මන්දිරයේ ප්‍රවීණ භරත නාට්‍ය ගුරුවරියක වන කලාශූරි ශ්‍රීමතී වාසුගි ජෙගදීශ්වරන් යන මහත්ම මහත්මීහු මෙම දූත පිරිසේ ප්‍රධානත්වය උසුළති.
ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී ගෝපාල් බාග්ලේ මහතා එම දූත පිරිස ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට පෙර ඔවුන් මුණ ගැසී සුබ පැතුම් එක් කළේය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සියවස් ගණනාවක් පැරණි බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා මෙවැනි සංස්කෘතික සහ ආධ්‍යාත්මික අන්තර් ක්‍රියාකාරකම්හි ඉතා වැදගත් යැයි ද මහ කොමසාරිස්වරයා එහිදි කීය.
උත්තර් ප්‍රදේශ් රජයේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අයෝධ්‍යා පර්යේෂණායතනය මෙම පහළොස් සාමාජික ශ්‍රී ලංකා සංස්කෘතික දූත පිරිසේ සංචාරය සංවිධානය කරයි.
අයෝධ්‍යා නුවර, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ශුද්ධ වූ සර්යු ගංගා ඉවුරේ පිහිටා ඇත. රාම දෙවිඳුන් උපන් නගරය ලෙස සැලකෙන අයෝධ්‍යාව හින්දු බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වන ඉතා වැදගත් පූජනීය නගරයක් වේ. මෙහි සුවිසල් දෙවොලක් ද ඉදිවෙමින් පවතී.
෴ හර්ෂණ තුෂාර සිල්වා