නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න්, සිය නිල නිවසේ සිට සජීවීව, වීඩියෝ තාක්ෂණය ආධාරයෙන්, සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ එරට වැසියන් අමතමින්, රටේ 'කොවිඩ් 19' ව්‍යාප්තිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරද්දී, ඇගේ සිඟිති දියණියගෙන් බාධා එල්ල විය.
අග්‍රාමාත්‍යවරිය නවසීලන්ත වැසියන් අමතමින්, 'කොවිඩ්' ව්‍යාප්තිය කෙසේ සිදුවන්නේදැයි පැහැදිලි කළේ පසුගිය සඳුදා (8) රාත්‍රියේය. 41 ක් හැවිරිදි අග්‍රාමාත්‍යවරිය, නිවසේ ඇගේ කාර්යාල කාමරයට පැමිණ සිටියේ තෙහැවිරිදි දියණිය නිදි කරවීමෙන් පසුවය.
කෙසේ නමුත් නින්දට නොවැටුණු දියණිය, අග්‍රාමාත්‍යවරිය 'කොවිඩ්' ව්‍යාප්තිය ගැන පැහැදිලි කරද්දී ඇය සිටි කාමරයට එබිකම් කරමින්, 'අම්මේ' යැයි කියන අයුරු විඩියෝ දසුන් බලා සිටි සැමට ඇසෙන්න විය.
'ඇයි මේ ඇහැරගෙන? දැන් නිදාගන්න වෙලාවනේ. අම්මා මිනිත්තුවෙන් එනවා' යැයි අග්‍රාමාත්‍යවරිය සැමට ඇසෙන පරිදි දියණියට කියයි.
එම සිදුවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය එම අවස්ථාවේදී නරඹන්නන් සැමගෙන් සමාව ඉල්ලීමක් ද කරයි. 'පොඩ්ඩන්ගේ හැටි දන්නවානේ' යැයි ඇය පවසන්නේ සිනාවෙමිනි.
මෙම සිදුවීමට අදාල වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේත් සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී තිබේ.
ආරම්භයේ දී 'කොවිඩ් 19' වසංගතය ඉතාමත් හොඳින් පාලනය කරගත් රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසැසුමට පවා නවසීලන්තය ලක් විය. කෙසේ නමුත් දැන් එරටින් ද දෛනිකව ආසාදිතයන් 200 ඉක්මවා වාර්තා වීමට පටන් ගෙන ඇත.
෴ උපුටා ගැනීම - REUTERS