දින 11 ක් හිනාවෙන්න බෑ: බොන්න බෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 17, 2021

දින 11 ක් හිනාවෙන්න බෑ: බොන්න බෑ

උතුරු කොරියාවේ දින 11 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට නායක කිම් ජොන් උන් තීරණය කර ඇති අතර, එම කාලය තුළ සිනාවීම සහ මත්පැන් පානය තහනම් කර තිබේ. 

දින 11 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරුණේ, කිම් ජොන් උන්ගේ පියාගේ 10 වැනි ගුණ සැමරුම වෙනුවෙනි. කිම් ජොන් උන්ගේ පියා කිම් ජොන්ග් ඉල් අභාවප්‍රාප්ත වූයේ 2011 දෙසැම්බර් 17 වැනිදාය. 

කිම් ජොන්ග් ඉල් කොරියාවේ නායකයා ලෙස වී සිටියේ 1994 සිට 2011 තෙක් කාලයේය. කිම් ජොන් උන් කොරියාවේ නායකයා බවට පත් වූයේ පියාගේ අභාවයෙන් පසුවය. ඒ අනුව 2011 සිට මෙම 2021 ට කිම් ජොන් උන් නායකත්වයට පත් වී වසර 10 ක් සපිරේ.

10 වැනි ගුණ සැමරුම වෙනුවෙන් ප්‍රකාශයට පත් කළ දින 11 ක ශෝක කාලය තුළ විනෝද වෙමින් ඒකරාශී වීමට ජනතාවට අවසර ලැබෙන්නේ නැහැ. මත්පැන් පානයට අවසර ලැබෙන්නේ නැහැ.' යැයි නායක කිම් ජොන් උන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන බව දකුණු කොරියා මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

 පසුගිය වසර ගණනාව පුරා, කිම් ජොන්ග් ඉල් ගුණ සැමරුම් නිමිත්තෙන් දින 10 ක් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරුණත්, මෙවර එම දින ගණන දින 11 ක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ, 10 වැනි ගුණ සැමරුම නිසා යැයි ද පැවැසෙයි. පියා කිම් ජොංග් ඉල් මෙන් නොව, පුතු කිම් ජොන් උන් නම්‍යශීලී නායකයෙකි. 

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකනා ජනාධිපති ධුරය හොබවද්දී, ඔහු සමඟ න්‍යෂ්ටික අවිහරණ කටයුතු සඳහා සාකච්ඡා පැවැත්වීමට කිම් ජොන් උන් පෙළෙඹුණේ ද ඒ නිසා යැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති. 

 කෙසේ නමුත්, ඇමෙරිකාව අපේක්ෂා කළ අන්දමින් එම සාකච්ඡා ඵලදායී නොවිණි. වර්තමාන ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, උතුරු කොරියාවට නව සම්බාධක පැනැවීම් සිදු කර තිබේ. ඒ, උතුරු කොරියාව මානව හිමිකම් උල්ලංඝනය කරනවා යැයි චෝදනා නගමිනි.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom