ඩෙස්මන්ඩ් ටුටූ හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Dec 27, 2021

ඩෙස්මන්ඩ් ටුටූ හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

දකුණු අප්‍රිකාවේ හිටපු අගරදගුරු මෙන්ම, එරට වර්ණභේදවාදයට එරෙහිව නැගී සිටි මානව ක්‍රියාකාරියකු ලෙස සැලකෙන, නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ ඩෙස්මන්ඩ් ටුටූ හිමිපාණන් ස්වර්ගස්ථ වීමේ පුවත ලොව සසල කළේය. 

දකුණු අප්‍රිකාවේ සාම ක්‍රියාකාරියකු ලෙස ලොව පුරා ප්‍රසිද්ධියටත් ගෞරවයටත් පාත්‍ර වූ ඩෙස්මන්ඩ් ටුටූ හිමිපාණන් ස්වර්ගස්ථ වන විට වයස අවුරුදු 90 කි. ඩෙස්මන්ඩ් ටුටූ හිමිපාණන් ස්වර්ගස්ත වීමේ පුවත දකුණු අප්‍රිකානුවන්ට මෙන්ම මුළු ලොවට දැනුම් දුන්නේ දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසාය. 

එම පුවත දකුණු අප්‍රිකාවන් බොහෝ දෙනකු කම්පනයට පත් කිරීමට හේතුවක් වූ බව ද පැවැසෙයි. ඩෙස්මන්ඩ් ටුටූ හිටපු හිමිපාණන් පුරස්ථි ග්‍රන්ථි පිළිකා රෝගියකු විය. එතුමන් පිළිකා රෝගියකු බව හඳුනා ගැණුනේත් ප්‍රතිකාර ලබා ගැනීම ආරම්භ කෙරුණේත් 1990 වසරේ සිටය. 

පසුගිය මාස කීපයේ එතුමන් අවස්ථා ගණනාවකදී රෝහල් ගත කෙරුණි. ඩෙස්මන්ඩ් ටුටූ හිමිපාණන් අභාවප්‍රාප්ත වූයේ කේප්ටවුන් නුවර පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදීය.
ඩෙස්මන්ඩ් ටුටූ හිමිපාණන්, හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා සේම මානව දයාවෙන් පිරි මානව හිතවාදියකු බවත්, දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය තුරන් කිරීමෙහිලා කළ මෙහෙවර සදා අමරණීය බවත් දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝසා නිකුත් කළ ශෝක පණිවුඩයේ සඳහන් වෙයි. 

මේ අතර විදෙස් රාජ්‍ය නායකයන් බොහෝ දෙනකු ද ඩෙස්මන්ඩ් ටුටූ හිමිපාණන්ගේ අභාවය වෙනුවෙන් ශෝක පණිාවුඩ නිකුත් කර තිබේ. ඩෙස්මන්ඩ් ටුටූ හිමිපාණන්ට, 1984 දී නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සිදුවූයේ වර්ණභේදවාදයට එරෙහිව ගෙන ගිය අහිංසාවාදී විරෝධතා ව්‍යාපාරය ඇගැයීමට ලක් කරමිනි.

ටූටූ හිමිපාණන් උපත ලැබුවේ 1931 ඔක්තෝබර් 7 වැනිදා ක්ලර්ක්ස්ඩෝර්ප් නමැති කුඩා නගරයේදීය. ටුටූගේ පියා ක්ලර්ක්ස්ඩෝප් හි උසස් පාසලක ප්‍රධානියා විය. මව ගෘහ සේවිකාවක වූවාය. ටුටූ හිමිපාණන්ට එක් සොහොයුරකු සහ සොහොයුරියන් තිදෙනකු විය. 

෴ උපුටා ගැනීම - Al Jazeera

Classified_Ad