ඉන්දියාවේ දරුවන්ටත් එන්නත් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 4, 2022

ඉන්දියාවේ දරුවන්ටත් එන්නත්

ඉන්දියාවේ අවුරුදු 15 ත් 18 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම මේ වනවිට ආරම්භ වී ඇත. 

'කොවිඩ් 19' එන්නත්කරණ වැඩසටහන යටතේ ඉන්දියාව පුරා එන්නත් මධ්‍යස්ථාන 1,426 ක් ක්‍රියාත්මක වන අතර, එයින් මධ්‍යස්ථාන 551 ක් දරුවන් සඳහා විශේෂයෙන් වෙන් කර ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

ඉන්දියාවේ අවුරුදු 15 ත් 18 ත් වයස් කාණ්ඩයේ දරුවන් ලක්ෂ 15 ක් එන්නත් ලබා ගැනීමට සුදුසුකම් ලබා සිටින බව ද පැවැසෙයි. ඉන්දියාවේ දරුවන් වෙනුවෙන් එන්නත් වර්ග කීපයක් ඇති අතර, මාපියන් හෝ භාරකරුවන්ගේ අභිමතය පරිදි කැමැති එන්නතක් තෝරා ගැනීමට හැකියාව තිබීම විශේෂත්වයකි. 

ලොව පළමු ඩී.එන්.ඒ. වර්ගයේ එන්නත සහ සියයට 100 ක් ඉන්දීය තාක්ෂණයෙන් නිපදවන ‘භාරත් බයෝටෙක්’ සමාගමේ ‘කොවැක්සින්’ එන්නත ඒ අතරේ තිබේ. 

දැන් යළිත් වරක් ඉන්දියාවේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් ඉහළ යමින් පවතී. ගතවුණු පැය 24 ඇතුළත නව ආසාදිතයන් 33,750 ක් බව NDTV පුවත් සේවය නිකුත් කළ වාර්තාවක දැක්විණි. ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ ‘කොවිඩ් 19’ මරණ ගණන 123 කි. 

‘ඔමික්‍රෝන්’ විකෘතිය ද ඉන්දියාව පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර, ඉන්දියාවෙන් වාර්තා වී ඇති ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් ගණණ 1,700 පසු කර තිබේ.

‘කොවිඩ් 19’ බූස්ටර් එන්නත් ලබා දීම ලබන 10 වැනිදා සිට ආරම්භ වෙයි. පළමුවෙන් බූස්ටර් එන්නත ලබා දීම සිදුවන්නේ අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් සඳහා සහ ඉදිරිපෙළ සෞඛ්‍ය අංශ සාමාජිකයන් සඳහාය.

෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom