'ආශාවරී' එනවා ! - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 3, 2022

'ආශාවරී' එනවා !

2022 වසරේ රිදී තිරය හැඩ කරන පළමු සිංහල චිත්‍රපටය වන්නේ 'ආශාවරී' (Ashawari) ය. මෙය තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටයයි. 'ආශාවරී' (Ashawari) Media Vision Films සාඩම්බර ඉදිරිපත් කිරීමකි. 

අතිශය ජනප්‍රිය වෙළඳ දැන්වීම් නිර්මාණය කරමින්, වෙළෙඳ දැන්වීම්  ක්ෂේත්‍රයේ පෙරැළි කළ තේජා ඉද්දමල්ගොඩ චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමු වුණු පළමු අවස්ථාව මෙයයි. සද්ධාමංගල සූරියබණ්ඩාර විසින් 'ආශාවරී' චිත්‍රපටයේ තිර පිටපත රචනා කර ඇති අතර රුවන් කොස්තා විසින් කැමරා අධ්‍යක්ෂණය හසුරුවා තිබේ.
මේ වනවිට 'ආශාවරී' (Ashawari) චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සහ සංඛ දිනෙත් ගායනා කරන චිත්‍රපටයේ පළමු ගීතය අන්තර්ජාලය හරහා ද අතිශය ජනප්‍රිය වී තිබේ. චිත්‍රපටයේ ප්‍රධාන නළුවා  හේමාල් රණසිංහ වන අතර ප්‍රධාන නිළිය සිනමාවට නවකයෙකි. ඇය ඉශන්කා ජාන්වී ය. 'ආශාවරී' හමුදා නිලධාරියෙකු වටා ගෙතෙන ආකර්ෂණීය සහ ප්‍රේමණීය කතා පුවතකි. 

ජයලත් මනෝරත්න, බිමල් ජයකොඩි, සාරංග දිසාසේකර, දිනිති වල්ගමගේ, සේමිණි ඉද්දමල්ගොඩ, ප්‍රියංකර රත්නායක, ජයනි සේනානායක සහ ධනුෂ්ක ඩයස් ඇතුළු ජනප්‍රිය නලු නිළි පිරිසක් ම 'ආශාවරී' චිත්‍රපටය හරහා දැක ගත හැකි වනු ඇත. 
සුනිල් ප්‍රේමරත්න කලා අධ්‍යක්ෂණයෙන් සහ ලසන්ත උඩුකුඹුර ඇඳුම් නිර්මාණකරණයෙන් චිත්‍රපටයට සම්බන්ධ වී සිටිති. සුරේෂ් මාලියද්දගේ සංගීතයෙන් හැඩ වන 'ආශාවරී' චිත්‍රපටයට නිරෝෂා විරාජිනී, සුරේන්ද්‍ර පෙරේරා, සංඛ දිනෙත් සහ උපේකා නිර්මාණි ගායනා කරන ගීත කිහිපයක්ම ඇතුළත්ය. 

ගී පද රචනයෙන් කැලුම් ශ්‍රීමාල් සමඟින් නන්දන වික්‍රමගේ චිත්‍රපටයට සම්බන්ධ වෙති. 'ආශාවරී' රූපගත කිරීම් සිදු කර ඇත්තේ ඔහිය, බදුල්ල, ඌව ආශ්‍රිත සුන්දර දර්ශ‍නතල ගණනාවක් ආශ්‍රිතව‍ය. මෙරට ප්‍රදර්ශනයට සමගාමීව 'ආශාවරී' විදේශීය රටවල් කිහිපයක ද ප්‍රදර්ශනය වීම විශේෂත්වයක් බව අධ්‍යක්ෂවරයා පවසයි. 

Classified_Ad

Classified_Ad_News_Bottom