![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiHyLW4LNw1WiGg6Jw0K0Dv4paG84OmyX-tb6MUe0gaq853PVrR34c4Yb2265BavkvFbRR0gu5kHnNlX1ygV9_-mF5O1ySAqhKNUO2OT5Bj9eb6FjO0jshdErpl0mC4PzpOnNBnMn7q-PLfqQ8W4V2FEf1yFsycYqfOcSpkEIAry2K-mUxgluWZukNELw/s16000/001.jpg)
ආලියා භාත් බොලිවුඩ් රැජිනකි. ඒ, ඇය රංගනයෙන් එක්වන බොලිවුඩ් සිනමා නිර්මාණ සියල්ල සිනමා ලෝලීන්ගේත් විචාරකයන්ගේත් පැසැසුමට ලක්වන බැවිනි.
බොලිවුඩය ජයගත් ආලියා, සිය හොලිවුඩ් ආගමනයට සැරැසෙයි.
සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ආලියා පවසා ඇත්තේ හොලිවුඩයට එක්වීමට තමන් නොඉවසිල්ලෙන් පසුවන බවත්, එය තමන්ට අපූරු අත්දැකීමක් වනු ඇති බවත්ය.
ආලියා රංගනයෙන් එක්වන හොලිවුඩ් සිනමා පටය ‘හාර්ට් ඔෆ් ස්ටෝන්’ය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEitGppy0zpm4ldzf3WgE9p_p2N2WmEPDHKIE-VxTeZbjMPBN_4qUel7o5dtzrZP35kr9mCSrVmsSmwARWyfQZjmH_OJ0PWtwZdbIwXAGpkRYoKBKuyn38BWroUhvsY7SY5bKjkeY6KDL-nFJpy957C-sWb-km3GjFkNPoOx6aOaCmPWS85ywALsdMny2w/s16000/Untitled-1.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiflDHSYslxxh1cHuiQMhK-F9jIYWBTCPTEkfEVO3VQx8OrfgRR6VBHcId6FzTxuo1zkRIm6ut8_yypomdmUoSYVyL3WOB9q-QRCYEPmeWdQo54InbSoQQltrAPtY0pOfoklgkIVJVReiAKR6K0UZCbTJrLz2otHvvCNgNpCYXqsrHBWBVXwvyLdb1d5g/s16000/alia-bhatt-hot-hd-photos-mobile-wallpapers---latest-alia-bhatt-wallpapers-hd-free-download.jpg)
ජේමී ඩෝර්මන් පමණක් නොව, හොලිවුඩයේ ජනප්‍රිය නිළි ගැල් ගැටඩාට් ද මෙම චිත්‍රපටයට එක් වී සිටිති. මෙය ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර ඉදිරියේ දී නෙට්ෆ්ලික්ස් හරහා විකාශය වනු ඇත.
ආලියාගේ විවාහය පසුගිය මාසයේ සිදුවිය. ඒ ඇගේ පෙම්වතා මෙන්ම ජනප්‍රිය බොලිවුඩ් නළිවකු ද වන රන්බීර් නපූර් සමගය. මංගල උත්සවය ඉතා චාමෙට පැවැත්වූයේ පවුලේ ඥාති මිත්‍රාදීන් කීප දෙනකුගේ සහභාගීත්වයෙනි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhsL6VoJ1KBk-xOG2fKxYGnCYjTU3Zp4swDTiyksqs3EhNrusiTTwZHF3FNP_1vn5e5Uv0Ilip3aODJKLOCYfrz7FMu1MEh5p6fhm1QiHj175ZdU-rCsG5Wn56ZFfZ4yVtxTxhHpeDOeliEglDuqk6vFJUxtd4Z5Uj7J7bG-S3zv36M9OjdYmh9jhwqyQ/s16000/002.jpg)
෴ උපුටා ගැනීම - NDTV