මී මැසි දිනය සැමරේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

May 21, 2021

මී මැසි දිනය සැමරේ

මී මැස්සන් වෙනුවෙන් දිනයක් වෙන් කර තිබෙන බව ඔබ දන්නවාද? මැයි 20 වැනි දින ලෝක මී මැසි දිනය ලෙස නම් කර තිබේ. පුංචි වුණත්, මී මැස්සා ලොවට කොතරම් වැදගත් වටිනා සතකුදැයි ඒත්තු ගැන්වීමේ අරමුණින්ය. 

ලෝකයේ සපුෂ්ප ශාඛ විශේෂ වලින් 90% ක් පරාගනය සිදුවීමට උදවු වන්නේ මී මැස්සාය. ලෝකයේ ජෛව විවිධත්වය රඳා පවතින්නේ මී මැස්සාගේ මෙම කාර්ය මතය. 

සෙසු කෘමීන්, පක්ෂීන් හෝ ලේනුන් වැනි ක්ෂීරපායීන් මෙන් නොව, මී මැස්සකු උදේ එක් මලක වැහුවොත්, ඒ මී මැස්සා ඒ දවස පුරා ගත කරන්නේ එම වර්ගවේ මල්වල පමණි. 

එහෙයින්, අප මානවයන්ගේ ආහාර සුරක්ෂිතභාවයට ද මී මැස්සා ලොකු මෙහෙවරක් ඉටු කරයි. මී මැස්සන් දිනෙක ලොවට අහිමි වුවහොත් ලෝකයේ පැවැත්ම බාධාවක් වේවි. ජෛව විවිධත්වයට ගැටලුවක් වේවි. 

කෙසේ නමුත් අද වනවිට පළිබෝධ නාශක සහ පරිසරයට එක්වන වසවිෂ මී මැස්සන්ගේ පැවැත්මට තර්ජනයක් වී අවසන්ය. 

මී මැස්සන් සාමූහික වශයෙන් මියයෑම පවා සිදුවෙයි. ඒ අනුව, මී මැස්සන් රැක ගැනීම ලොව කාගේත් පරම යුතුකමක් බව පැහැදිලිය.

BBC

Classified_Ad