නිර්මාණ කීපයක්ම එන්න තියෙනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 26, 2022

නිර්මාණ කීපයක්ම එන්න තියෙනවා

හර්ෂි මධු නවක රංගන ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනා සිටින තරුවකි. කලා නිර්මාණ බෙහෝමයකට සම්බන්ධ වී සිටින ඇය, ඉදිරියේදී ප්‍රේක්ෂකයන් අතරට වඩාත් ළං වීමට බලාපොරොත්තු වෙන් සිටී. මේ, 'සාරවිට' වෙබ් අඩවිය හර්ෂි සමඟ දොඩමළු වූ අයුරුය.
හර්ෂි කියන්නේ දැන් රංගන ශිල්පිණියක්? 
ඔව්, දැන් මම රංගන ශිල්පිණියක් විදිහට වැඩ කරමින් ඉන්නවා. හැබැයි මම තාමත් මේ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. ඒ හින්දා නවකයෙක් විදිහට මාව හඳුන්වනවා නම් මම කැමතියි. 

හැබැයි ඔබ ක්ෂේත්‍රයට තරමක් පරණ කෙනෙක් නේද? 
ඔව්, කලා ක්ෂේත්‍රයට මම සම්බන්ධ වෙන්නේ 2017/18 කාල සීමාවේ. එහෙම ගත්තොත් මම දැන් කලා කටයුතුවලට සම්බන්ධ වෙලා වසර පහක් විතර වෙනවා. 

දැනට ඔබ සම්බන්ධ වුණ කලා නිර්මාණ මොනවද?
ප්‍රවිනා ඩයස් අක්කාගේ ‘අපි’ කියලා චිත්‍රපටයක් කළා. ඊට අමතරව ජයසේකර අපොන්සු මහත්මයාගේ ‘සන්තෑසියේ ලන්තෑරුම’ කියලා ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. එහි මම ‘ෆාතිමා’ කියන චරිතය තමයි රඟපෑවේ. ඒක ප්‍රධාන චරිතයක්. ඒ එක්කම ඉන්දික ධර්මතිලක අයියාගේ ‘යාදිනි’ කියලා තවත් ටෙලියක් කළා. එහි මම නිරූපණය කළේ ප්‍රවිණ රංගන ශිල්පිණි මදනි මල්වත්තගේ තරුණ කාලේ. ඒ චරිතයේ නම ‘නන්දනි’ 

රංගන ශිල්පිණියක් වෙන ආසාව ඇතිවුණේ කොහොමද? 
තෙරේන කාලේ ඉඳලා ආසාවක් තිබුණා කලාවට සම්බන්ධ වෙන්න. මුලින්ම මම නිරූපිකාවක් විදිහට වැඩ කළා. බ්‍රයිඩ්ල් පෙටෝ ෂූට් තමයි ගොඩක්ම ක‍ළේ. ඊට පස්සේ ජයසේකර අපෝන්සු මහත්මයාගේ රංගන වැඩමුළුවලට සහභාගි වුණා. ඒ එක්කම වගේ ඔහුගේ නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඔය විදිහට තමයි කලා ක්ෂේත්‍රයට ආවේ. 
පාසල් කාලයේ කලා කටයුතුවලට සම්බන්ධ වුණාද?
නැ පාසල් අධ්‍යාපනය ලබන කාලේ මම කළේ චිත්‍ර විෂය. එකත් ඉතින් එක්තරා විදිහේ කලාවක් තමයි. 

කලා ක්ෂේත්‍රය හොඳද? නරකද? 
හොඳින් හිටියොතින් හොඳයි. මට නම් වරදක් නෑ තාමත්. තමන් දැනගන්න ඕනේ ඉන්න විදිහ. 

ක්ෂේත්‍රය තුළ ඔබ දැන් ස්ථාවරවද? 
තාම නැහැ. මම මුලින් සඳහන් කළා වගේ මම තාම මේ ක්ෂේත්‍රයට අලුත්. තව යන්න දුර  තියෙනවා. මේ ක්ෂේත්‍රය තුළ. අනික මගේ ගමන හෙමින්. හදිස්සියක් නැහැ. මම හිතන්නේ තව කාලයක් යයි මේ ක්ෂේත්‍රය තුළ මට ස්ථාවර වෙන්න. 

හැදෑරිමකින් තොරව මේ ක්ෂේත්‍රය තුළින් ඉදිරියට යන්න බැහැ කියල හිතෙන්නේ නැද්ද? 
අනිවාර්යයෙන්ම හිතෙනවා. හැදැරිමක් අත්‍යවශ්‍යයි. ජයසේකර අපෝන්සු මහත්මයාගෙන් මේ ක්ෂේත්‍රය ගැන දැනුමක් ලබාගත්තත් තවමත් මේ ක්ෂේත්‍රය ගැන මම ඉගෙන ගනිමින් ඉන්නවා. 

ඉදිරිය කෙහොමද?
කලා ක්ෂේත්‍රය තුළ හරි විදිහට ඉදිරියට යන්න තමයි මම බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ වගේම මිනිස්සු ආදරය කරන චරිතයක් වෙන්නත් මම කැමැත්තෙන් ඉන්නවා. 

මතක් කළ යුතු පිරිසකුත් ඇති නේද? 
මගේ අම්මා, තාත්තා හින්දා තමයි මම මේ ක්ෂේත්‍රයේ මේ තරම් දුරක් ආවේ. මේක අවස්ථාවක් කරගන්නවා මගේ අම්මා, තාත්තා දෙන්නව මතක් කරන්න. ඊට අමතරව ජයසේකර අපොන්සු මහතා, ඉන්දික ධර්මතිලක, අකලංක, ශශි, දුමි, බුද්ධි, ජනක, ප්‍රදි අයියලා සියලු දෙනා, අයේෂා හා මල්ෂා දෙන්නත් මතක් කරන අතර, තව නම් කියවුනේ නැති ගොඩක් ඉන්නවා ඒ අයවත් මතක් කරනවා.

෴ බුද්ධික සේනාධීර 
උපුටා ගැනීම - සාරවිට බෙඩ් අඩවිය

Classified_Ad

Classified_Ad_News_Bottom