සිනමා වංශකතාවේ පළමු කැමරා අධ්‍යක්ෂකවරිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 11, 2022

සිනමා වංශකතාවේ පළමු කැමරා අධ්‍යක්ෂකවරිය

හැත්තෑ පස් වසරක් ඉක්මවූ ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමා වංශකතාවේ පළමු කැමරා අධ්‍යක්ෂකවරිය ලෙස මදුනි අලහකෝන් සිය පළමු චිත්‍රපටියේ වැඩ කටයුතු ආරම්භ කර ඇත. 

 නවයුගා කුගරාජා නම් දෙමළ සිනමා අධ්‍යක්ෂවරයාගේ "බොම්මෙයි" නම් සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂවරිය ලෙස මදුනි අලහකෝන් වැඩකටයුතු අරභා ඇත. මදුනි අලහකෝන් මීට පෙර කෙටි චිත්‍රපටි, වාර්ථා චිත්‍රපට, වෙළඳ දැන්වීම් සහ ගීත රූපරචනා ගණනාවක කැමරා අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කර ඇත. 
ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාවේ මං සලකුණු තැබූ කාන්තාවන් මෙසේ වෙයි. 

පළමු ශ්‍රී ලාංකේය සිනමා සංස්කරණ ශිල්පිනිය - ඉසබෙලා බ්‍රොහියර් හා ශිලා බැස්ටියන් (ගම්බද සුන්දරී/ සිංහල භාෂිත/ 1950) 

චිත්‍රපටයක් තනිව අධ්‍යක්ෂණය කළ පළමු ශ්‍රී ලාංකේය සිනමා අධ්‍යක්ෂකවරිය - රූබී ද මෙල් (පිපෙන කුමුදු/ සිංහල භාෂිත/ 1967)

පළමු ශ්‍රී ලාංකේය සිනමා පසුබිම් සංගීත අධ්‍යක්ෂකවරිය - සුජාතා අත්තනායක (හරියට හරි/ සිංහල භාෂිත/ 1976)

පළමු ශ්‍රී ලාංකේය සිනමා කැමරා අධ්‍යක්ෂකවරිය - මදුනි අලහකෝන් (බොම්මේ/ දෙමළ භාෂිත/ 2022)

Classified_Ad

Classified_Ad_News_Bottom