ගුද මාර්ගයේ පිළිකා සුව කරන නව ඔසුවක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Katayam.com

Jun 11, 2022

ගුද මාර්ගයේ පිළිකා සුව කරන නව ඔසුවක්

ගුද මාර්ගයේ පිළිකා නිට්ටාවට සුව කළ හැකි නව ඔසුවක් හඳුන්වා දීමට ඇමෙරිකන් විද්‍යාඥයෝ සමත් වී සිටිති. ‘ඩොස්ට්‍රාලිමාබ්’ යන නාමයෙන් හැඳින්වෙන් පර්යේෂණ මට්ටමේ මෙම නව ඔසුව මේ වනවිට සාර්ථක ප්‍රතිපල පෙන්නුම් කර ඇති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. 

සායනික අත්හදා බැලීම් සඳහා ‘ඩොස්ට්‍රාලිමාබ්’ ඔසුවට අනුමැතිය ලැබුණේ මීට මාස කීපයකට පෙරය. ඉන්පසු, නිව්යෝක් නුවර ‘ස්ලෝන් කෙටරිංග්’ අනුස්මරණ පිළිකා ප්‍රතිකාර රෝහලේ ගුද මාර්ගයේ පිළිකාවලින් පීඩා විඳින රෝගීන් 18 දෙනකුට ඔවුන්ගේ කැමැත්ත අනුව, ‘ඩොස්ට්‍රාලිමාබ්’ ඔසුව ලබා දීම සිදුවිය.

මාස 6 ක කාලයක් ‘ඩොස්ට්‍රාලිමාබ්’ ඔසුව භාවිතයට ගැනීමෙන් පසු එම රෝගීන් 18 දෙනාගේ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා තත්ත්වය සම්පූර්ණයෙන් ‘අතුරුදන්’ වී ඇතැයි ‘ස්ලෝන් කෙටරිංග්’ අනුස්මරණ පිළිකා ප්‍රතිකාර රෝහලේ වෛද්‍ය ලුවිස් ඒ. ඩියැස් මාධ්‍ය හමුවකදී පැහැදිලි කර තිබේ. 

‘ඇත්තටම මෙවැනි තත්ත්වයක් පිළිකා රෝගීන්ගෙන් දකින්න ලැබුණු පළමු අවස්ථාව මෙයයි. ගුද මාර්ගයේ පිළිකාවලින් පීඩා විඳින රෝගීන්ට මෙම පුවත අස්වැසිල්ලක් වනු නොඅනුමානයි’ යැයි වෛද්‍ය ලුවිස් ඒ. ඩියැස් පැහැදිලි කර තිබේ.

෴ උපුටා ගැනීම - CNN

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe Free_Ad