දෙවැනි ස්ථානය දිනූ නයනාංජලී - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 12, 2022

දෙවැනි ස්ථානය දිනූ නයනාංජලී

ලෝක සාගර දිනය නිමිත්තෙන්, ඊට සමගාමීව, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සාගර පත්ල පිළිබඳ අධිකාරිය (International Seabed Authority) ඩිජිටල් චිත්‍ර නිර්මාණ තරගාවලියක් සංවිධානය ක‍ර තිබුණි. 

එම නිර්මාණ තරගාවලියේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ නයනාංජනී මොනරවිලට සමත් වීම අපට ආඩම්බරයකි.  මෙම තරගයේ ප්‍රමුඛතම අරමුණ වූයේ ගැඹුරු මුහුදේදී සිදු කරන පර්යේෂණ දිරිමත් කිරීම යැයි පැවැසෙයි.

  මෙම ජාත්‍යන්තර තරගය සඳහා වයස අවුරුදු 16ට වැඩි ලොව පුරා තරගකරුවෝ සහභාගී වූහ.

දෙවැනි ස්ථානය දිනූ නයනාංජලී මොනරවිල විසින් නිර්මාණය කරන ලද ඩිජිටල් චිත්‍ර නිර්මාණයට අනුව ඇගේ දැක්ම වනුයේ, මුහුදු පත්ල ගවේෂණය කරන ශබ්ද උපරණ සහ සෝනාර් භාවිතයෙන් සාගර පත්ල ගවේෂණය කර සිතියම්ගත කරන්නේ කෙසේද යන්න තීරණය කිරීමය.

ගැඹුරු මුහුදු ප්‍රදේශ අද්විතීය පරිසර පද්ධති නිර්මාණය කිරීමට සහාය වන බවත්, බලශක්ති හා ඛනිජ සඳහා ප්‍රභවයන් සපයන බවත් ඇය නිර්මාණය කළේ ජයග්‍රාහී නිර්මාණ චිත්‍රයෙන් අර්ථකථනය කෙරේ.

 එමෙන්ම, ගැඹුරු මුහුද පිළිබඳ සිදු කරන පරීක්ෂණ මගින් සාගර සම්පත් තිරසාර ලෙස කළමනාකරණයට මනා ලෙස පිටුවහලක් වන බව නයනාංජනී මොනරවිලගේ ඩිජිටල් චිත්‍රණයෙන් ගම්‍ය වන්නේ යැයි පැවැසෙයි.

තරගාවලියේ ප්‍රථම ස්ථානය ජැමෙයිකාව නියෝජනය කරමින් එක් වූ 29 හැවිරිදි Richard Nattoo හිමිකරගත් අතර, තෙවැනි ස්ථානය හිමිවූයේ 20 හැවිරිදි වියෙහි පසුවන Thammy Gularte Dias ට ය.

මෙම තරගාවලිය ජාත්‍යන්තර පාසල් දරුවන් ද කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණු අතර, එහිදි වයස අවුරුදු 16ට අඩු දරුවන් එක්ව සිටි බව පැවැසෙයි.

 එහි පළමු තැන ජැමෙයිකාවේ වයස අවුරුදු 14ක් වන වික්ටෝරියා හන්ටර්ට සහ දෙවැනි තැන 10 හැවිරිදි යන්නික් ඇන්ඩර්සන්ට හිමිවිය.

මෙම තරගකරුවන් නිර්මාණය කළ ඩිජිටල් චිත්‍ර පහත දැක්වෙයි.

පළමු ස්ථානය දිනූ  Richard Nattooගේ සිතුවම, තෙවැනි ස්ථානය දිනූ Thammy Gularte Diasගේ සිතුවම සහ දෙවැනි ස්ථානය දිනූ නයනාංජනී මොනරවිලගේ සිතුවමය.
ජගත් සාගර දිනය යෙදෙන්නේ ජූනි 8 වැනිදාටය.

1992 බ්‍රසිලයේ රියෝ ඩි ජෙනරියෝ නගරයේ පැවති මිහිතල සමුළුවේදී ජගත් සාගර දින සැමරුම් සංකල්පය මුල්වරට ඉදිරිපත් විය. 

සාගර පද්ධතිය රැකගත යුතුය යන අන්තර්ජාතික තීරණය අනුව 2008 දී එක්සත් ජාතින්ගේ සංවිධානය සාගර දිනය ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව සෑම වසරකම ජුනි මස 8 වැනිදා ජගත් සාගර දිනය සැමරීම සිදුවෙයි.

සාගර දුෂණයෙන් සියයට 40 ක්ම සිදුවන්නේ ගොඩබිම්වල ක්‍රියාකාරකම් හේතුවෙනි. ශ්‍රී ලංකාවේ එම තත්ත්වය සියයට 90 ක් තරම් ඉහල මට්ටමක පවති. ගංගා ආශ්‍රිතව වැලි ගොඩදැමිම ඊට තදින්ම බලපා තිබේ.

෴ උපුටා ගැනීම - ලංකාදීප

Classified_Ad

Classified_Ad_News_Bottom