ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 12, 2022

ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට

පාකිස්තානයට එරෙහිව ලකුණු 23 ක ජයක් වාර්තා කරමින් 6 වැනි වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව තමන් සතුකර ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (11) සමත් විය. 

නරඹනන් 24,000 ක‍ගේ සහභාගීත්වයෙන් ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 171 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානයට පන්දු වාර 20 අවසාන‍යේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 147 ක් පමණි. 

අවසන් වරට ඩුබායි ක්‍රීඩාංගණයේදී පැවැති විස්සයි-20 තරග 31 දී කණ්ඩායමක් පළමුවෙන් පන්දුවට පහරදී ආරක්ෂා කරගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද මෙය හැදින්විය හැකිය. 

මින් පෙර පළමුවෙන් පන්දුවට පහර‍දෙමින් ලබාගත් ලකුණු 172 ක් ආරක්ෂා කරගැනීමට නවසීලන්තය සමත්ව තිබුණේ ස්කොට්ලන්තයට එරෙහිවය. මෙම වසර (2022) තුළ පැවැති විස්සයි-20 තරගයකදී පළමුවෙන් පන්දුවට පහරදී ශ්‍රී ලංකාව ජයගත් පළමු අවස්ථාවද මෙය විය.

ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ඇ.බාබර් ප.රවුෆ්    8
කුසල් මෙන්ඩිස් - ප.නසීම්    0
ධනංජය ද සිල්වා  - ඇ. සහ ප.රවුෆ්    28
ධනුෂ්ක ගුණතිලක - ප.රවුෆ්    1
භානුක රාජපක්ෂ - නොදැවී     71
දසුන් ශානක - ප.ශදාබ්    2
වනිඳු හරසංග - ඇ.රිස්වාන් ප.රවුෆ්    36
චාමික කරුණාරත්න - නොදැවී     14
අතිරේක     10
එකතුව ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී     170

 කඩුලු වැටීම :
1-02(කුසල්), 2-23(පැතුම්), 3-36(ධනුෂ්ක), 4-53(ධනංජය), 5-58(දසුන්), 6-116(වනිඳු)

පන්දු යැවීම :
නසීම් ෂා 4-0-40-1, මොහොමඩ් හස්නයින් 4-0-41-0, හාරිස් රවුෆ් 4-0-29-3, ශදාබ් ඛාන් 4-0-28-1, ඉෆ්තිකාර් අහමඩ් 3-0-21-1, මොහොමඩ් නවාස් 1-0-03-0

පාකිස්තානය
මොහොමඩ් රිස්වාන් - ඇ.ධනුෂ්ක ප.හසරංග    55
බාබර් අසාම් - ඇ.දිල්ෂාන් ප.ප්‍රමොද්    5
ෆකාර් සමාන් - ප.ප්‍රමෝද්    0
ඉෆ්තිකාර් අහමඩ් - ඇ.බණ්ඩාර ප.ප්‍රමෝද්    32
මොහොමඩ් නවාස් - ඇ.ප්‍ර‍මෝද් ප.චාමික    6
කුෂ්දිල් ෂා - ඇ.තීක්ෂණ ප.හසරංග    2
අසීෆ් අලී - ප.හසරංග    0
ශදාබ් ඛාන් - ඇ.ධනුෂ්ක ප.තීක්ෂණ     8
හාරිස් රවුෆ් - ප.චාමික    13
නසීම් ෂා‍- ඇ.චාමික ප.ප්‍ර‍මෝද්    4
මොහොමඩ් හස්නයින් - නොදැවී     8
අතිරේක     14
‍එකතුව ඕවර 20 කදී සියලු‍දෙනා දැවී     147

කඩුලු වැටීම :
1-22(බාබර්), 2-22(ෆකාර්), 3-93(ඉෆ්තිකර්), 4-102(නවාස්), 5-110(රිස්වාන්), 6-111(අසීෆ්), 7-112(කුෂ්දිල්), 8-120(ශදාබ්), 9-125(නසීම්) 10-147(හස්නයින්)

පන්දු යැවීම :
දිල්ෂාන් මධුෂංක 3-0-24-0, මහීෂ් තික්ෂණ 4-0-25-1, ප්‍රමෝද් මධුෂාන් 4-0-34-4, වනිඳු හසරංග 4-0-27-3, චාමික කරුණාරත්න 4-0-33-2, ධනංජය ද සිල්වා 1-0-04-0

Classified_Ad

Classified_Ad_News_Bottom