
කොහොමද මේ ක්‍රීඩාවට යොමු වුණේ?
කාලයක් මේ ක්‍රීඩාව පිරිමින්ට පමණක් සීමා වුණා. ඒත් දැන් කාන්තාවන් මේ ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න පටන් ගත්තාම මටත් ආස හිතුණා. එහෙම ආසාවකින් තමයි, කාය වර්ධනයට යොමු වුණේ. හොඳ පුහුණුකරුවකු මට හමුවුණා. ඔහු හර්ෂ් ඩී පිරිස්. ඔහු යටතේ තමයි මම ජාත්‍යන්තර තරගවලට ඉදිරිපත් වෙන්න සූදානම් වුණේ.


කොතරම් කලක් කායවර්ධන ක්‍රීඩාව යොමු වී සිටියාද?
එතරම් කාලයක් නෑ. 2018 දී තමයි කායවර්ධන ව්‍යායාම්වල නිරත වීම ආරම්භ කළේ. එහෙම වුණත්, කායවර්ධන තරගවලට යොමු වීමේ අරමුණින්, කෑම පාලනය කරමින්, පෝෂ්‍යදායි ආහාර අරගෙන ඇඟ හදන්න ගත්තේ 2020 වසර අවසානයේ. එතකොට මට වයස අවුරුදු 23 යි.
යෞවනියන් කැමතියි හැඩට ඉන්න. එහෙම නේද?
මම හිතන්නේ නෑ, මම අනිත් තරුණියන්ට වඩා වෙනස් කියලා. මමත් කරන්නෙත් ඇඟ හදන එක. ඒත් මේක වෙනස් විදියක්. වෙනස් පැතිකඩක්. මම ක්‍රීඩාවක් වෙනුවෙන් සිරුර වර්ධනය කරනවා. ශරිර ශක්තිය වැඩි කරනවා. ක්‍රීඩාවකට වගේම මේක සෞඛයටත් ඉතාම හොඳයි.

කෑම පාලනය කරන්නේ කොහොමද?
සාමාන්‍ය විදිහට මම කෑම ගන්නවා. නමුත්, තරගාවලියක් තියෙනවා නම් ඒක ඉලක්ක කරගෙන මගේ පුහුණුකරු මට විශේෂ කෑම වට්ටෝරුවක් දෙනවා. කෑම පාලනය කරන්න, මම අනුගමනය කරන්නේ, ඔහු දෙන කෑම වට්ටෝරුව තමයි.
නිරූපණයට එහෙම සම්බන්ධ වෙන අදහසක් නැද්ද?
නෑ. හේතුව, මම දක්ෂ කායවර්ධන ක්‍රීඩාවට. නිරූපණය කියන්නේ මට වෙනස් දෙයක්. දැනට නම් කොහෙත්ම අදහසක් නෑ නිරූපණ ක්ෂේත්‍රයට යොමු වෙන්න. ඉදිරියට බලමු. ජිවිතේ හැමවිටම වෙනස් වෙනවා. අවස්ථාවක් ලැබුණොත්, මම නිරූපණයටත් යොමු වෙනවා.


පිරිමි ළමුන්ගේ ආකාර්ශණය කොහොමද ඔබට?
විශේෂයක් නෑ, අනෙක් ගැහැනු ළමයින්ට ලැබෙන විදිහට තරුණ අයගේ ආකාර්ශණය මට තියෙනවා. තරුණයෝ කොහොමත් හැඩට ඉන්න ගෑනු ළමයින්ට කැමතියි. ඒ වගේ කැමැත්තක් මටත් ඇති කියලා මම හිතනවා.
෴ උපුටා ගැනීම - ‘සාරවිට’