හොඳම තේ දළු නෙලන්නිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mar 9, 2023

හොඳම තේ දළු නෙලන්නිය

තේ දළු නෙලන්නියන් මෙරට ආර්ථිකවට ලබාදෙන දායකත්වය ඉතා විශාල වුවත් එම දායකත්වය ඇගයෙන අවස්ථා ඉතා අල්පය. මේ පුවත තේ දළු නෙලන්නියන් ඇගයුණු අවස්ථාව පිළිබඳවය. 

වසරේ වේගවත්ම තේ දළු නෙලන්නිය ‍තෝරා ඇගයීමේ තරඟාවලියක් රදැල්ල වතුයායේ දී ඉකුත් දා පැවති අතර, එය සංවිධානය කර තිබුණේ හේලිස් සමුහ ව්‍යාපාරය මගිනි. 

එහිදී වසරේ වේගවත්ම සහ හොඳම තේ දළු නෙලන්නිය ලෙස විනාඩි 20ක් ඇතුළත තේ දළු කිලෝ 10 ග්‍රැම් 450 නෙලා ගනිමින් තලවකැලේ වැවිලි සමාගමේ සමර්සෙට් වතුයායේ ආර්. සිදෙයිඅම්මා මහත්මිය ජයග්‍රහණය ලැබුවාය. ඇයට රුපියල් ලක්ෂ 3 ක මුදල් ත්‍යාගයක්ද හිමිවිය. 

කැළණිවැලි , තලවකැලේ සහ හොරණ වැවිලි සමාගමට අයත් තේ වතුවල තේ දළු නෙලන්නියන් 42 දෙනෙකුගේ සහභාගි වූ හොදම තේ දළු නෙලන්නිය තේරිමේ අවසන් තරගය පැවැත්වූයේ ඉකුත් 25 වැනිදාය. 

හේලිස් සමුහ ව්‍යාපාරයේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතාගේ සහ එම වතු සමාගම්වල ප්‍රධාන විධායක අධ්‍යක්ෂ රොෂාන් රාජදොරේ යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම තරගාවලිය පැවැත්විණ. 

ජයග්‍රාහිකාව වූ සිදෙයි අම්මා මහත්මිය 37 හැවිරිදි වියේ පසුවන අතර, ඇය තිදරු මවකි, ඇය වසර 7 ක් තේ වතු ක්ෂේත්‍රයේ රැකියා කර ඇත. 

රොෂාන් රාජදොරේ මහතා පැවසුවේ තේ කර්මාන්තයේ නියැලි සිටින වතු කම්කරුවන් දිරි ගැන්විමේ සහ එම පිරිස තේ කර්මාන්තයේ රදවා ගැනිමේ අරමුණින් මෙවැනි තරග වාර්ෂිකව පවත්වන බවයි. 

රට පන ගන්වන 
ජාතිය සුරකින 
 ජාතික ධනය අපේ.... 
අපි ණයගැති වෙමු 
සුකොමල දෑතට 
තේ දළු නෙලන ලඳේ... 

෴ ඩයනා උදයංගනී 
උපුටා ගැනීම - ලංකාදීප

Classified_Ad