දුලාන්ගේ 'ඩ්‍රාමා ක්වීන්' - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jul 9, 2023

දුලාන්ගේ 'ඩ්‍රාමා ක්වීන්'

අලුත් ගීත නිර්මාණ කාලෙන් කාලෙට සංගීත ලොවේ රැව් දෙයි. පසුගිය කාලයේ දෙස් විදෙස් රැව් පිළිරැව් දුන් 'මැණිකේ මගේ හිතේ' ගීතය ද එවැන්නකි. එය කොතරම් ජනප්‍රියත්වයක් හිමිකරගත්තේදැයි අමුතුවෙන් කිව යුතු නැත.  'මැණිකේ මගේ හිතේ' රචනා කළ දුලාන් ARX තවත් හරි අපූරු ගීතයක් එළි දක්වා ඇත. ඒ 'ඩ්‍රාමා ක්වීන්' ය. 

'ඩ්‍රාමා ක්වීන්' ගීතය මේ දිනවල යූටියුබ් හරහා බොහෝ දෙනාගේ ආදරය දිනාගෙන අවසන්ය. එයට ලැබෙන ප්‍රතිචාර සුබවාදීය. දුලාන් තරුණ දක්ෂ නිර්මාණකරුවකු බව පැහැදිලිය. ඔහුගේ ගීතවල ජනප්‍රියත්වය එය සනාථ කරයි. 
දුලාන්ගේ ගීත නිර්මාණ සියල්ල එක සේ ජනප්‍රිය වීම ද ඔහුගේ දක්ෂතාව මැනවින් පෙන්නුම් කරයි. 'ඩ්‍රාමා ක්වීන්' ගීතයේ පද රචනය ද ඔහුගේය. ගීතයෙන් කියැවෙන්නේ තරුණයකු රටවන හැඩකාරියක ගැනය. 

'ඩ්‍රාමා ක්වීන්' ගීතයේ රූප රචනය හැඩ ගැන්වීමට පමණක් නොව, ගායනයට ද  සරාගී නිළියක මෙන්ම කටකාර හැඩකාර යුවතියක ද වන යුරේනි නොෂිකා එක්ව සිටී. යුරේනි-දුලාන්ගේ මෙම සුසංයෝගය, 'ඩ්‍රාමා ක්වීන්' ගීතයේ සාර්ථකත්වයට හේතුව වී තිබේ.
ඩ්‍රෝන තාක්ෂණය ද භාවිතයට ගනිමින් 'ඩ්‍රාමා ක්වීන්' ගීතයේ රූගත කිරීම් සිදුවූයේ ත්‍රිකුණාමලයේ රමණීය නිලාවැලි මුහුදු තීරයේය. ගීතය නිර්මාණයට වැය වුණු මුදල මිලියන 3 කි. 40 දෙනකුගෙන් සමන්විත පිරිසක්, 'ඩ්‍රාමා ක්වීන්' ගිත නිර්මාණය පසුපස සිටිති. 

෴ ජයනි සිතාරි ARX

Classified_Ad