
මේවනවිට ‘මිෂන් ඉම්පොසිබල්’ චිත්‍රපට මාලාවේ 7 වැන්න ‘මිෂන් ඉම්පොසිබල් ද ඩෙඩ් රෙකනිං’ Mission Impossible - Dead Reckoning තිරගත වීම ආරම්භ වී අවසන්ය.
අවසන් වශයෙන් තිරගත වූ, ‘මිෂන් ඉම්පොසිබල්’ චිත්‍රපට දෙක වන්නේ, ‘මිෂන් ඉම්පොසිබල් රෝග් නේෂන්’ Mission Impossible - Rogue Nation (2015) සහ ‘මිෂන් ඉම්පොසිබල් ෆෝල් අවුට්’ Mission Impossible - Fallout (2018) ය. මෙම චිත්‍රපට දෙකේ අධ්‍යක්ෂවරයා 54 හැවිරිදි ක්‍රිස්ටෝපර් මැක්වේරීය.

ක්‍රිස්ටෝපර් මැක්වේරී ක්‍රියාදාම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස නමක් දිනාගත් හොලිවුඩ් සිනමාකරුවෙකි. ටොම් කෲෆ්ගේ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ ක්‍රියාදාම චිත්‍රපට කීපයක අධ්‍යක්ෂවරයා මැක්වේරීය. එසේත් නැතිනම් තිරරචකයා මැක්වේරීය. මැක්වේරී සහ ටොම් කෲස් සුසංයෝගයෙන් ‘මිෂන් ඉම්පොසිබල්’ චිත්‍රපට නව මඟකට යොමු වී ඇති බව පැහැදිලිය. අධ්‍යක්ෂවරයකු පමණක් නොව, ක්‍රිස්ටෝපර් මැක්වේරී රංගන ශිල්පියකු ද වෙයි.

මැක්වේරී චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ලෙස ...

‘මිෂන් ඉම්පොසිබල් ද ඩෙඩ් රෙකනිං’ චිත්‍රපටයේ එක් නපුරකුගේ චරිතයට ද ඔහු පණ පොවයි. චිත්‍රපටයේ සම තිර-රචකයා සහ සම නිෂ්පාදකවරයා වන්නේ ද මැක්වේරීය.
‘මිෂන් ඉම්පොසිබල් ද ඩෙඩ් රෙකනිං’ Mission Impossible - Dead Reckoning චිත්‍රපටය, අනෙක් මිෂන් ඉම්පොසිබල් චිත්‍රපටවලට වඩා වෙනසක් වෙයි. හේතුව, මෙය කොටස් දෙකකින් යුක්තය. මේ වනවිට තිරගතවීම් ආරම්භ කර ඇත්තේ, ‘මිෂන් ඉම්පොසිබල් ද ඩෙඩ් රෙකනිං’ පළමු කොටසය. දෙවැනි සහ අවසන් කොටස 2024 දී තිරගත වනු ඇත. එහි නිර්මාණ කටයුතු අවසන් වෙමින් පවතින බව ද පැවැසෙයි.
‘මිෂන් ඉම්පොසිබල් ද ඩෙඩ් රෙකනිං’ ලොව පුරා තිරගතවීම් ආරම්භ කළේ බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කිරීමේ අරමුණින් බව ද පැහැදැලිය.
OpenAI සහ ChatGPT කෘත්‍රිම බුද්ධිය ගැන අසන්න ලැබෙන අවදියක, ‘මිෂන් ඉම්පොසිබල්: ඩෙඩ් රෙකනිං’ චිත්‍රපටයට ගෙතෙන්නේ ද කෘත්‍රිම බුද්ධියක් වටාය.The Entity නමැති මෙම කෘත්‍රිම බුද්ධිය නපුරන් අතට පත්වීම වැළැක්වීම ඊතන් හන්ට් සහ ඔහුගේ IMF කණ්ඩායමේ අරමුණ වෙයි. මෙම මෙහෙයුමේ දී ඊතන් හන්ට් ට පරණ සතුරකු වන ගෙබ්‍රියෙල් සමඟ ගැටීමට සිදුවෙයි. ගෙබ්‍රියෙල්ගේ චරිතය නිරූපණය කරන්නේ ඊසායි මොරාලේස් Esai Morales ය. චිත්‍රපටයේ නපුරා ඔහුය.
පැය 2 යි මිනිත්තු 43 ක ධාවන කාලයකින් යුත්, ‘මිෂන් ඉම්පොසිබල්: ඩෙඩ් රෙකනිං’ අවසන් මිනිත්තුව දක්වා, නරඹන්නන් ඇදබැඳ තබා ගැනීමට සමත් චිත්‍රපටයකි. අබුඩාබි ගුවන්තොටුපොළේ ජවනිකාව, වෙනීසියේ මෝටර් රථ ධාවනය, දුම්රියේ සටන, මෝටර් බයිසිකලයෙන් පැනීම ආදිය අමතක නොවන ක්‍රියාදාම ජවනිකාය. මේ ක්‍රියාදාමවලට ටොම් කෲස් විසින්ම සිදු කිරීම සුවිශේෂීය. ‘මිෂන් ඉම්පොසිබල්: ඩෙඩ් රෙකනිං’ සිනමාහලක පුළුල් තිරයේ නැරැඹිය යුත්තේ ඒ නිසාය.
මාවල් චිත්‍රපට හරහා ජනප්‍රිය වුණු නිළියන් දෙදෙනකු වන පොම් ක්ලෙමෙන්ටිස් Pom Klementieff සහ හේයිලී ඇට්වෙල් Hayley Atwell චිත්‍රපටය හැඩ ගැන්වීමට එක් වී සිටිති. මොවුන් දෙදෙනා ‘මිෂන් ඉම්පොසිබල්’ චිත්‍රපට මාලාවට අලුත්ය. ‘ගාඩියන්ස් ඔෆ් ද ගැලෙක්සි’ චිත්‍රපටවල ‘මැන්ටිස්ගේ’ චරිතයට පණ පොවන්නේ පොම් ක්ලෙමෙන්ටිස් ය. ‘කැප්ටන් ඇමෙරිකා’ චිත්‍රපට හරහා ඒජන්ට් පෙගී කාටර්ගේ චරිතයට පණ පොවන්නේ හේයිලී ඇට්වෙල් ය.


සුපුරුදු පරිදි සෙසු ‘මිෂන් ඉන්පොසිබල්’ චිත්‍රපටවලින් රසික හදවත් දිනූ රෙබෙකා ෆර්ගියුසන් Rebecca Ferguson සහ ‘මිෂන් ඉම්පොසිබල් ෆෝල් අවුට්’ චිත්‍රපටයෙන් හඳුන්වා දුන් වෙනෙසා කර්බි Vanessa Kirby ද සුපුරුදු පරිදි ඔවුන්ගේ චරිතවලට පණ පොවති. බෙන්ජි ලෙස සයිමන් පෙග් Simon Pegg සහ ලූතර් ලෙස වින්ග් රමේස් Ving Rhames ද චිත්‍රපටයට එක් වී සිටිති.

1996 වසරේ තිරගත වුණු පළමු ‘මිෂන් ඉම්පොසිබල්’ චිත්‍රපටයේ ඊතන් හන්ට්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කළ යූජීන් කිට්රිජ් නමැති චරිතය ද යළි මෙම නවතම චිත්‍රපටයෙන් දකින්න ලැබේ. යූජීන් කිට්රිජ් ලෙස රංගනයෙන් එක් වන්නේ, හෙන්රි සර්නි Henry Czerny ය.
‘මිෂන් ඉම්පොසිබල්: ඩෙඩ් රෙකනිං’ අවසන් වන්නේ, එහි දෙවැනි කොටස එන්නේ කවදාදැයි නරඹන්නන් කුතුහලයේ රඳවමිනි. පරිගණකයෙන් නිර්මාණය කරන ක්‍රියාදාම වෙනුවට සැබෑ ක්‍රියාදාම හැකිතාක් භාවිතයට ගැනීමට ටොම් කෲස් මෙන්ම ක්‍රිස්ටෝපර් මැක්වේරී පියවර ගැනීම චිත්‍රපටයේ සාර්ථකත්වයට හේතුව බව පැහැදිලිය.
෴ ලුසිත ජයමාන්න