මෙරට වැවෙන යුරෝපයේ මිදි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 20, 2023

මෙරට වැවෙන යුරෝපයේ මිදි

යුරෝපයේ වැවෙන මිදි ඌව පරණගම ඇත්කඳවක ගම්මානයේ සාර්ථකව වගා කර තිබේ. ඇත්කඳවක ජේ.එම්.ඩබ්ලිව් බණ්ඩාර මහතාගේ අක්කර භාගයක ඉඩම් කොටසක මෙම මිදි වත්ත පිහිටා ඇත.

'ඊශ්‍රායල් බ්ලු' නැමති මිදි ප්‍රභේදය එම ඉඩමේ වගා කර ඇති අතර ඒවා ප්‍රණීත රසයකින් යුක්තය. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද පසුගිය දා එම මිදී වගාව නිරීක්ෂණය කිරීම සඳහා එහි ගියේය. 

මෙරට මිදි වගාව සඳහා සුදුසුම ප්‍රදේශය යාපනය බව හදුනාගෙන තිබුනත් දැනට යාපනයේ වගා කරන 'ඉසබෙලා' නැමැති මිදි වර්ගය වයින් සැකසීම සදහා පමණක් උචිත බවට ද මතයක් පවතී.

'ඊශ්‍රායල් බ්ලු' මිදි ප්‍රභේදය ඌව පරණගම පමණක් නොව මෙරට කවර ප්‍රදේශයක වුවද වගා කළ හැකි බව බණ්ඩාර මහතා පැවසීය. කප්පාදු කරන ලද මිදි අතු යොදා ගනිමින් අලුත් මිදි පැල සකස් කරන බවත්, ඒ සදහා විශාල ඉල්ලුමක් ඇති බවත් බණ්ඩාර මහතා සඳහන් කළේය. 

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ මෙරටට මිදි ආනයනය කිරීම සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 900ක් පමණ වැය වෙන බවය. 

මෙරට වගා කිරීම සඳහා සුදුසු මිදි ප්‍රභේදයක් සකසන ලෙස 2018 දී තමා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවත් නමුත් තවමත් ඔවුන්ට ඒ සඳහා කටයුතු කිරීමට හැකි වී නැති බවත් අමාත්‍යවරයා කීය. 

බණ්ඩාර මහතාගේ මිදි වගාව තමා නිරීක්ෂණය කළ බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා ඒවායේ ආනයනික මිදිවලටත් වඩා ඉහළ රසයක් තිබෙන බව පැවසීය. 

මෙම මිදි වගාව පුළුල් කළහොත් ඉදිරියේ දී මිදි ආනයනය කිරීමට අවශ්‍ය වන්නේ නැතැයි ද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

Classified_Ad

Classified_Ad_News_Bottom