
විද්‍යාඥයන් පැහැදිලි කරන ආකාරයට, පෘථිවියේ අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) වෙනස් වී ඇති බවය. මෙම වෙනස්වීම සිදුවී ඇත්තේ ස්වාභාවික හේතු නිසා නොවන බව ද ඔවුහු පවසති.
විද්‍යාඥයන්ට අනුව, වෙනස්වීමට ප්‍රධානතම හේතුව පෘථිවියේ භූගත ජලය අධික ලෙස නිස්සාරණයයි. ජලය නිස්සාරණය (ජලය අධික ලෙස ලබා ගැනීම) කර ඇත්තේ වෙන කවුරුවත් නොව, අපය. පෘථිවියේ රජ කරන අප මනුෂ්‍ය සත්වයාය.
අප භූගත ජලාශවලින් ඉවක් බවක් නොමැතිව, ජලය පොම්ප කර කරමින් සිටින බවත්, එය අප ග්‍රහලෝකයේ එසේත් නැතිනම් පෘථිවියේ සමතුලිතතාවය වෙනස් කිරීමට හේතුවක් වී ඇති බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙති. පෘථිවියේ අක්ෂය අඟල් 31.5 කින් වෙනස් වී ඇත්තේ මේ නිසාය.
සාමාන්‍යයෙන් මෙවැනි වෙනස්වීමක් සිදුවන්නේ වසර දහස් ගණනකින් පුවත්, දැන් දකින්න ලැබෙන මෙම වෙනස සිදුවී ඇත්තේ දශක කීපයක් ඇතුළත බවත් විද්‍යාඥයෝ පහදති. මෙම වෙනස, කාලගුණික රටාවලට, සාගර ජල මට්ටම වෙනස් වීමට සහ දේශගුණික ස්ථාවරත්වයට දීර්ඝ කාලීනව බලපෑම් එල්ල කරනු ඇතැයි ද විද්‍යාඥයෝ පවසති.
ලයිව් සයන්ස් ඇසුරිනි