
ඉතිහාසය පුරාවටම රජවරුන්, රැජිනියන්, කුමාරවරුන් සහ කුමාරිකාවන්ගේ රූප සිතුවමට නැගුවේ අති දක්ෂ කලාකරුවන්. සිත්තරුන්. ඒත් පසුගිය දා ඉතිහාසය වෙනස් විය.
කෘත්‍රිම බුද්ධියකින් පණ ගැන්වෙන, සැබෑ කාන්තාවකගේ පෙනුම ඇති Ai-Da (අයිඩා) රොබෝවරිය, තෙවන චාල්ස් රජුගේ රෑපය සිතුවමට නැගුවාය. එය සැබැවින්ම අපූරු කලා නිර්මාණයක් බවට පත්වී ඇත.
2019 දී නිර්මාණය කළ Ai-Da බ්‍රිතාන්‍යයේ කැපී පෙනෙන කෘත්‍රිම බුද්ධි මානවරූපී රොබෝවරියයි. ඇගේ නිරුමාණකරු වන්නේ ඒයිඩන් මෙරල්ය.
කෙසේ නමුත්, බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයකුගේ රූපයක් Ai-Da විසින් නිර්මාණය කළ පළමු අවස්ථාව මෙය නොවෙයි. 2023 දී Ai-Da චාල්ස් රජුගේ මව වූ දෙවන එලිසබෙත් රැජිනගේ රූපය ද මේ අයුරින්ම සිතුවට නැගුවාය.
BBC ඇසුරිනි