
බොහෝ දෙනෙක් ප්‍රිය කරන පලතුරක් වන ඇපල් ඇට තුළ ඇමිග්ඩලින් (Amygdalin) නමැති ස්වභාවික රසායනික සංයෝගය අඩංගු වෙයි. ඇපල් ඇට සපා කෑමේදී හෝ කුඩු වී ශරීරගත වීමේදී, ආහාර ජීර්ණ පද්ධතියේ ඇති එන්සයිම සමඟ ප්‍රතික්‍රියා කර මාරාන්තික සයනයිඩ් (Cyanide) වායුව මුදා හැරීමට සමත් වෙයි.
සයනයිඩ් යනු ශරීරයේ සෛලවලට ඔක්සිජන් භාවිත කිරීමේ හැකියාව අඩාල කරන ප්‍රබල විෂකි.
අත්වැරදීමකින් ඇපල් ඇට කිහිපයක් ගිලීමෙන් බිය විය යුතු නැත. ඇපල් ඇටයක ඇති දැඩි පිටත ආවරණය නිසා එය ජීර්ණය නොවී ශරීරයෙන් බැහැර වීමට වැඩි ඉඩක් පවතී.
එමෙන්ම, ඉතා සුළු ප්‍රමාණයකින් ශරීරගත වන සයනයිඩ් විෂහරණය කර ඉවත් කිරීමේ ස්වභාවික හැකියාවක් අපගේ ශරීරයට ඇත.
ඇපල් ඇට විශාල ප්‍රමාණයක් හපමින් හෝ කුඩු කර දිගින් දිගටම ආහාරයට ගැනීම සෞඛ්‍යයට ඉතා අන්තරායදායක විය හැකිය.
මෙලෙස ඇපල් ඇට විශාල ප්‍රමාණයක් සපා කෑමෙන් සිරුරට අවශෝෂණය වන සයනයිඩ් ප්‍රමාණය ඉහළ යන අතර, එය ක්ලාන්තය, වමනය සහ ශ්වසන අපහසුතා වැනි දරුණු අතුරු ආබාධ ඇති කිරීමට හේතු වේ. එබැවින් ඇපල් ආහාරයට ගැනීමේදී එහි ඇට ඉවත් කිරීමට වගබලා ගැනීම සුදුසුය.
ලුසිත ජයමාන්න
Brain Maze ඇසුරිනි