ඇසේ සෛල තිරහන් කරන ප්‍රතිකර්මයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jun 17, 2026

ඇසේ සෛල තිරහන් කරන ප්‍රතිකර්මයක්

වයස්ගත වීම නිසා ඇස් පෙනීම දුර්වල වූවන්ට බලාපොරොත්තුවක් දෙමින්, සෛල යළි තරුණ කළ හැකි නවතම ජාන ප්‍රතිකාරයක ප්‍රථම මානව පරීක්ෂණය ඇමරිකාවේදී ආරම්භ වී ඇත. 

 ඇමරිකානු සමාගමක් විසින් නිපදවා ඇති ER-100 නම් මෙම ප්‍රතිකාරය මගින් සිදු කරන්නේ ඇස සහ මොළය සම්බන්ධ කරන දෘෂ්ටි විතානයේ ස්නායු සෛල යළි සක්‍රීය කිරීමය. 

ග්ලෝකෝමා සහ දෘෂ්ටි ස්නායු ආබාධ සහිත රෝගීන් 18 දෙනකු යොදාගනිමින් ඇරඹි මෙම පරීක්ෂණයේදී, එක් ජාන ප්‍රතිකාර එන්නතක් සහ සති කිහිපයක ප්‍රතිජීවක ඖෂධ ලබා දීමෙන් පසුව එම රෝගීන්ගේ ප්‍රගතිය වසර පහක් පුරා නිරීක්ෂණය කිරීමට නියමිතය.

මනීෂි මංජරී 
Live Science

Classified_Ad