බළල් කනේ අපුරුව - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jul 4, 2026

බළල් කනේ අපුරුව

බළල්ලු යනු ඉතා සියුම් ශබ්ද පවා ක්ෂණිකව ඇසීමේ හැකියාව ඇති දඩයම්කරුවෝ පිරිසක්. මේ අපූරු හැකියාව උන්ට ලැබිලා තියෙන්නේ උන්ගේ කන් පිහිටලා තියෙන සුවිශේෂී ක්‍රමය නිසාය. 

බළලකුගේ එක කනක් ඇතුළේ විතරක් එකිනෙකට වෙනස් මස්පිඩු 32ක් පිහිටා තිබේ. 

හිස පොඩ්ඩක්වත් හොල්ලන්නේ නැතුව, කන් දෙක විතරක් පැති දෙකකට අංශක 180ක් දක්වා කැරකවීමේ පුදුම නම්‍යශීලීත්වයක් බළලුන්ට ඇත. කොච්චර ඈතින් ඇහෙන සියුම් හඬක් පවා නිවැරදිව හඳුනාගන්න ඒ අනුව බළලුන්ට පුළුවනි. 

Brain Maze ඇසුරිනි

Classified_Ad