හෝමෝ නැලෙඩි පිරිමි කෝ? - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jul 4, 2026

හෝමෝ නැලෙඩි පිරිමි කෝ?

දකුණු අප්‍රිකාවේ රයිසින් ස්ටාර් ලෙන තුළින් ආදිතම මානව විශේෂයට අයත් පොසිල සිරුරු 20 ක් විද්‍යාඥයන්ට හමුවුණේ අද ඊයේ නොවෙයි; 2013 වසරේදීය. හොමෝ නැලෙඩි නමැති මානව විශේෂය ලෙස මීට වසර 236,000ත් 335,000ත් අතර ජීවත් වුණු මෙම මානවනයන් නම් කෙරුණි. 

හමුවුණු එම සිරුරු 20 ම ගැහැනු සිරුරු යැයි සිදු කළ පර්යේෂණවලින් අනාවරණය වී ඇත. හොමෝ නැලෙඩි පිරිමි මානවයකුගේ සිරුරු කොටස් මෙතෙක් හමුවී නැත. මීට පෙර විද්‍යාඥයන් සිතුවේ, හමුවුණු මෙම අස්ථිවල පැහැදිලි වෙනස්කම් නොතිබුණේ ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොරව ශරීර ප්‍රමාණයන් සමාන වූ නිසා කියාය. 

එසේ වුවත්, දත් එනමලයෙන් ලබාගත් ඉපැරණි ප්‍රෝටීන ඇසුරින් කළ නවීන පරීක්ෂණයකදී පිරිමි පාර්ශවයට පමණක් හිමි 'Amelogenin-Y' ප්‍රෝටීන සලකුණ මේ කිසිවකුගෙන්වත් හමු නොවිණි. 

 බාල වියේ මහලු වියේ පසුවූවන් දක්වා වූ මේ සියලු දෙනාම කාන්තාවන් වීම විශේෂත්වයක් වන අතර, මෙයින් පැහැදිලි වන්නේ කුඩා මොළයක් සහිත වූ මේ ආදි මානවයන් අහඹු ලෙස නොව, කිසියම් සංස්කෘතික හෝ චාරිත්‍රානුකූල වරණයක් මත හිතාමතාම තම මියගිය සිරුරු මෙම ගුහාව තුළ තැන්පත් කර ඇති බවය. 

මිනිස් නොවන සත්ව විශේෂයක් විසින් ස්ත්‍රී පාර්ශවය වෙනුවෙන්ම පමණක් වෙන් කර සාදන ලද ලොව ප්‍රථම සුසාන භූමිය ලෙස ද මෙම ලෙන තුළ ඔවුන්ගේ සිරුරු තැන්පත් කළ ස්ථානය සැලකෙයි. 

ලුසිත ජයමාන්න 
Live Science ඇසුරිනි

Classified_Ad