රුපියල සියයට 4.5කින් අවප්‍රමාණය වෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 29, 2020

රුපියල සියයට 4.5කින් අවප්‍රමාණය වෙලා

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 24 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 4.5කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඊට අමතරව එම කාලයේදී යූරෝ මුදල් ඒකකයට සාපේක්ෂව රුපියල සියයට 12.3කින් ද ජපාන යෙන්වලට සාපේක්ෂව සියයට 9.0කින් ස්ටර්ලිං පවුමකට සාපේක්ෂව සියයට 7.5කින් ද අවප්‍රමාණය වී තිබේ. 

ඉන්දීය රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 1.1කින් අවප්‍රමාණය වී තිබේ. රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය සතියේදී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

පසුගිය දින කිහිපයේදී විනිමය අනුපාතිකය අනවශ්‍ය ලෙස උස් පහත් වී ඇතැයි ද එම නිසා වෙනත් ක්‍රියාමාර්ග ගන්නා අතරම දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ උච්ඡාවචන පාලනය කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව ද මහ බැංකුව සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය පසුගිය 24 වැනිදා රුපියල් 194.66 දක්වා පහළ ගිය අතර ගැනුම් අගය රුපියල් 189.08ක් ලෙස දැක්විණි. 

Classified_Ad

Classified_Ad_News_Bottom