
පෙරහුරු එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ ආන්ද්‍රා ප්‍රදේශ්, පන්ජාබ්, ගුජරාට් සහ ඇසෑම් යන ප්‍රාන්තවලය. එය සිදුවන්නේ එම ප්‍රාන්ත රජයයන් සමඟ හවුලේය.පෙරහුරු වැඩසටහනේ දෙවැනි දිනය අද (29) වූ අතර පළමු දිනයේදී එන්නත්කරණ වැඩසටහන සඳහා ස්වේච්ඡා සේවකයන් සහ නිලධාරීන් ලියාපදිංචි කිරීම යනාදි මුල් අදියරේ කටයුතු සිදු කෙරුණි.
පෙරහුරු වැඩසටහන යටතේ එන්නත්කරණ වැඩසටහනෙන් පසු ඇතිවිය හැකි අහිතකර බලපෑම්, ශීතාගාර පරීක්ෂාව, ප්‍රවාහන පහසුකම් යනාදීය එන්නත්කරණ ක්‍රියාවලියට අදාළ පියවර හා ක්‍රියාමාර්ග පරීක්ෂා කෙරුණි. ඉහත සඳහන් කළ ප්‍රාන්ත හතරේ තෝරාගත් දිස්ත්‍රික්කවලදී මෙම පෙරහුරු වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණි.එන්නත්කරණ වැඩසටහනට දැනටමත් පහසුකම් ඇති ප්‍රාන්ත මේ සඳහා තෝරාගෙන තිබිණි.
ඒ අනුව ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ක්‍රිෂ්ණා, ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කොට් සහ ගාන්ධිනගර්, පන්ජාබ් ප්‍රාන්තයේ ලුඩියානා හා ෂහීඩ් බගත් සින්ග් නගර් සහ ඇසෑම් ප්‍රාන්තයේ සොනිට්පූර් හා නල්බාරී යන දිස්ත්‍රික්කවලදී මෙම පෙරහුරු එන්නත්කරණ වැඩසටහන් පැවැත්විණි.සෑම එන්නත්කරණ මධ්‍යස්ථානයකටම විවේක කාමරයක්, එන්නත ලබාදීම සඳහා කාමරයක් සහ සහ නිරීක්ෂණ කාමරයක් ඇතුළත් වේ.
ඉන්දියාව එරට ජනතාවට එන්නත ලබාදීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සඳහා ‘කෝ-වින්’ යනුවෙන් අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් ද සකස් කර ඇත.
එන්නත් ලබාදීම, එන්නත් විදීම, යොදා ඇති කණ්ඩායම්, ශීත කළ ගබඩා පරීක්ෂාව, ප්‍රවාහන පහසුකම් සහ අනෙකුත් පහසුකම් සැපයීම ආදී එන්නත්කරණ වැඩසටහනට අයත් සියලු ක්‍රියාකාරකම් එම අන්තර්ජාල ක්‍රියාවලිය තුළින් නිරීක්ෂණය කෙරේ.
මෙම පෙරහුරු එන්නත්කරණ ස්ථාන පහක දී ක්‍රියාත්මක කෙරුණු බවත් එහිදි සෞඛ්‍ය සේවකයන් 25 දෙනකු එන්නත ලබාදීම සඳහා සම්බන්ධ කරගෙන තිබූ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.ඉන්දියාව ජනවාරි මාසය මුලදී එරට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමට නියමිත අතර මුල් අදියර යටතේ කෝටි 30 කට එන්නත ලබාදීමට සූදානම් වෙයි.
ඉන්දියාව ඔවුන්ගේ මහ මැතිවරණයට පසු එරට සියලු වැසියන් සම්බන්ධ කර ගනිමින් ආරම්භ කළ විශාලතම වැඩසටහන මෙය වන අතර ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහන ලොව විශාලතම එන්නත්කරණ වැඩසටහන්වලින් එකක් වනු ඇතැයි ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)