මාස 8 කට පසු චීනයෙන් මරණයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 14, 2021

මාස 8 කට පසු චීනයෙන් මරණයක්

මාස අටකට පසු චීනයෙන් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත මරණයක් අද (14) වාර්තා විය.

එම මරණයත් සමඟ චීනයෙන් අද (14) වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 4,635ක් ලෙස සටහන් විය. 

චීනයෙන් අවසන් වරට නව කොරෝනා වයිරස ආසාදිත මරණයක් වාර්තා වූයේ ඉකුත් වසරේ මැයි මාසයේ දීය.

නව කොරෝනා වයිරස ආසාදිත එම මරණය වාර්තා වී ඇත්තේ එරට හිබෙයි පළාතෙනි. නව කොරෝනා වයිරස වසංගතය පාලනය කළ රටක් ලෙස හැඳින්වෙන චීනයේ හිබෙයි පළාත තුළ මේ වනවිට නැවත වරක් වයිරසය පැතිරෙමින් තිබෙන අතර වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ‘ලොක්ඩවුන්’ සීමා පනවා ඇත. 

මිලියන 20කට වැඩි පිරිසක් එම ලොක්ඩවුන් සීමාවලට යටත්ව සිටිති. 

(රොයිටර්)

Classified_Ad

Classified_Ad_News_Bottom