ජගත් විමර්ශන කණ්ඩායම් අද චීනයට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 14, 2021

ජගත් විමර්ශන කණ්ඩායම් අද චීනයට

ලොවට වසංගතයක් වූ ‘කොවිඩ් 19’ වයිරසයේ සුලමුල සොයා විමර්ශනයක් පැවැත්වීමට, විශේඥයන්ගෙන් සැදුම්ලත් විමර්ශන කණ්ඩායම් දෙකක් අද (14) චීනය බලා පැමිණියේය.

මෙම කණ්ඩායම් දෙක චීනයට පැමිණීමට නියමිතව තිබුණේ ජනවාරි පළමු සතියේය. කෙසේ නමුත්, චීන රජයෙන් ඊට බාධා එල්ල විය.

පසුගිය සතියේ විමර්ශන කණ්ඩායම් නියෝජනය කරමින් චීනයට ගිය නියෝජිතයන් දෙදෙනකුට චීනයට ඇතුළුවීමට පවා බීජීං බලධාරීන් අවසර දුන්නේ නැත. 

එම නියෝජිතයන්ට චීනයට ඇතුළුවීමට අවසර නොදීම සම්බන්ධයෙන්, එම අවස්ථාවේදී, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ටෙඩ්‍රෝස් ගෙබ්‍රියේසිස් අප්‍රසාදය පළ කළේය.

‘කොවිඩ් 19’ වයිරසය ලොව පුරා පැතිරීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර සත්ව සහ මත්ස්‍ය වෙළෙඳපොළ කේන්ද්‍රකොට ගනිමිනි. 

2019 දෙසැම්බරයේ ආරම්භ වූ වයිරසය සම්බන්ධයෙන් චීන සෞඛ්‍ය බලධාරීන් ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කළේ පසුගිය 2020 ජනවාරියේය.

ඉන්පසු වයිරසය සම්බන්ධයන් තීන්දු තීරණ ගැනීම සහ වයිරස ගෝලීය වසංගත තත්ත්වයක් තෙක් වර්ධනය වනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත්තේ චීන සෞඛ්‍ය අංශ සහ රජය ලබා දුන් දත්ත අනුවය. 

ඒ වනවිටත් වයිරසය ලොව පුරා ව්‍යාප්තවීමට පටන් ගෙන අවසන්ය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක් වී තීන්දු තීරණ ගත් බවය. 

මෙසේ චෝදනා එල්ල කරමින් ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගැනීමට ජනපති ට්‍රම්ප් පියවර ගත්තේය.

‘කොවිඩ් 19’ වයිරසයේ ජාන ව්‍යුහය හඳුනාගෙන ඇති අතර, එය කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයා යැයි ද තහවුරු වී තිබේ. 

කොරෝනා යනු සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වන වයිරස විශේෂයකි.‘කොවිඩ් 19’ වයිරසය වවුලන් කබැල්ලාවන් හරහා මිනිසුන්ට ආසාදනය වන්න ඇතැයි සැක කෙරන නමුත් එය තහවුරු වී නැත.

චීන රජයට අයත්, ආසියාවේ විශාලතම වයිරස බැංකුව යන නමින් ද හැඳින්වෙන වයිරස ගබඩාව ඇත්තේ වූහාන් නුවර, සත්ව සහ මත්ස්‍ය වෙළෙඳපොළට නුදුරිනි. 

ඇමෙරිකා සහ ඕස්ටේ්‍රලියා බුද්ධි අංශ පෙන්වා දී ඇත්තේ, වයිරසය චීන විද්‍යාඥයන් විසින් ජීව අවියක් ලෙස භාවිතයට ගැනීමට කෘත්‍රිමව නිපදවූ වයිරදයක් බවය. 

වූහාන් පිහිටා ඇති වයිරස රසායනාගාරයේ කොරෝනා වයිරස පවුලට අයත් වයිරස ගණනාවක් ගබඩා කර තැබෙන බව ද පැවැසෙයි.

(රොයිටර්)

Classified_Ad

Classified_Ad_News_Bottom