
ශ්‍රී ලංකා පිළ සහ සංචාරක එංගලන්ත පිළ අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් කඩුලු 7ක ජයක් හිමිකර ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද (18) සමත් විය.
ලකුණු 74 ක ඉල්ලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම, කඩුලු 3ක් දැවී නියමිත ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට අද උදෑසන සමත් විය.
ශ්‍රී ලංකා පිළ සහ සංචාරක එංගලන්ත පිළ අතර මෙම පළමු ටෙස්ට් තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලිය තරග දෙකකින් සමන්විත අතර මේ වනවිට තරග 1ට 0ක් ලෙස එංගලන්ත කණ්ඩායම ඉදිරියෙන් පසුවෙයි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයේ, ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා දැවී ලකුණු 135 කට දැවී ගිය අතර, ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට සියළු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 421 කි.
ඉන් අනතුරුව එංගලන්තයට වඩා ලකුණු 286ක් පසුපසින් සිට, දෙවනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිළ සියළු දෙනා දැවී ලකුණු 359ක් රැස් කළේ එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 74 ක ඉලක්කයක් ලබා දෙමිනි.
ඊඑස්පීඑන්
ක්‍රික්ඉන්ෆෝ