වොෂින්ටන් අගනුවර ආරක්ෂාව - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 17, 2021

වොෂින්ටන් අගනුවර ආරක්ෂාව

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවර ඇතුළු තවත් ජනපද රැසක ආරක්ෂාව තර කිරීමට එරට බලධාරීහු ඊයේ (16) සහ අද (17) පියවර ගත්හ. 

ඉදිරි දින කිහිපය තුළ වොෂින්ටන් අගනුවර ඇතුළු රටේ ජනපද සියල්ලේම ආයුධ සන්නද්ධ සහ ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්වෙනු ඇතැයි ඇමෙරිකානු එක්සත් ජනපද ආරක්ෂක අංශ අනතුරු ඇඟවීමත් සමඟ මෙලෙස ආරක්ෂාව වැඩි කිරීමට බලධාරීහු කටයුතු කළහ.  

ඇමෙරිකාවේ අගනගරය වන වොෂින්ටන් නුවර සහ එරට ජනපද 50 සියලු අගනගරවල ආයුධ සන්නද්ධ විරෝධතා පැවැත්වෙනු ඇතැයි එරට ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්.බී.අයි) මීට පෙර අනතුරු ඇඟවීය. 

ඇමෙරිකාවේ තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් ලබන 20 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ තේරී පත්වූ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත ය. 
එදින වනතෙක් ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දක්වන කණ්ඩායම් මෙලෙස විරෝධතා පවත්වනු ඇතැයි පැවසේ. තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන්ගේ ජය තහවුරු කෙරුණේ ඉකුත් 6 වැනිදා ය. 

ජනාධිපති ජෝ බයිඩන්ගේ ජය තහවුරු කිරීම සඳහා ඇමෙරිකාවේ කොංග්‍රසය රැස්වූයේ ඉකුත් 6 වැනිදා ය. 

ඇමෙරිකාවේ කොංග්‍රසය පිහිටා ඇත්තේ වොෂින්ටන් අගනුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ලේ ය. 

කොංග්‍රස් රැස්වීම පැවැත්වෙමින් තිබියදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දක්වන කලහකාරී පිරිස් කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදුණාහ. 

 එදිනටත් වඩා ප්‍රචණ්ඩ අයුරින් ඉදිරි දින කිහිපයේදී විරෝධතා පැවැත්වෙනු ඇතැයි ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්.බී.අයි) මේ වනවිට අනතුරු අඟවා ඇත. 
කැලිෆෝනියා, මිචිගන්, පෙන්සිල්වේනියා, කෙන්ටකි සහ ෆ්ලෝරීඩා යන ජනපද මේ වනවිටත් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක බළකාය (නැෂනල් ගාඩ් ෆෝසස්) කැඳවමින් ආරක්ෂාව තහවුරු කිරීමට ඊයේ (16) පියවර ගත්තේ ය. 

මේ අතර ගිනි අවියක් සහ උණ්ඩ 500ක් ඇති පුද්ගලයකු කැපිටල් ගොඩනැගිල්ල ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන ඇත. කැපිටල් ගොඩනැගිල්ල ආසන්නයේ තිබූ මුරපොළකදී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු සතුව ජෝ බයිඩන්ගේ දිවුරුම් උත්සවයට අදාළ ව්‍යාජ අවසර පත්‍රයක් ද තිබී ඇතැයි වාර්තා වේ. 

ඒ.එෆ්.පී

Classified_Ad

Classified_Ad_News_Bottom