එන්නත අරන් එද්දී නිරෝධායනය කරනවාද? - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 25, 2021

එන්නත අරන් එද්දී නිරෝධායනය කරනවාද?

කොවිඩ් 19 වයිරසය සදහා ලබා දෙන ෆයිසර් එන්නතේ පළවෙනි සහ දෙවැනි මාත්‍රාව ලබා ගෙන අවසන්ව, නැවත දිවයිනට පැමිණීමේදී පී.සී.ආර්.පරීක්ෂණ සහ දින 14 නිරෝධායනය සිදු කළ යුතු යන්න යන්න සම්බන්ධයෙන් ඊශ්‍රායල් හී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ලිඛිතව විමසීමක් සිදු කර ඇත. 

එවැනි තත්ත්වයක් තුළ ලංකාවේ නීරෝධායන නීතීය පිළිපැදිය යුතුද යන්න සොයා බලා ඒ පිළිබද දැනුවත් කරන්නැයි එම ලාංකික ශ්‍රමිකයින් පිරිසක් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ලිඛිතව යොමු කළ ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා සීටී එලෙස එන්නත් ලබා ගත් විදෙස්ගත ලාංකිකයින් ලංකාවට පැමිණීමේදී පවතින නිරෝධායන ප්‍රතිපත්තිය වඩා වඩා ලිහිල් ක්‍රමවේදයක් තමන් වෙනුවෙන් අනුගමනය කරන්නැයි ද එම ඊශ්‍රායලයේ වෙසෙන ලාංකිකයෝ රජයෙන් ඉල්ලා සිටිති. 

අදාළ කොවිඩ් එන්නත් මාත්‍රාව ඊශ්‍රායලයේදී දැනටමත් ලබා ගෙන අවසන් ලාංකික ශ්‍රමිකයින් සැලකිය යුතු පිරිසක් මේවන විට සිටින බවත්, එවැනි පිරිස් නැවත ලංකාවට යෑමේදී මේ ගැන දැන සිටීමට අවශ්‍යව ඇති හෙයින් මේ ගැන නිවැරදි තොරතුරක් ලබා දෙන ලෙසට ටෙල්අවිව් ශ්‍රී ලංකා තානාපති කාර්යලයෙන් කළ ලිඛිත ඉල්ලීමේ සදහන් වේ. 

ලංකාවට පැමිණීමේදී පී.සී.ආර්.පරීක්ෂණ සහ දින 14 නිරෝධායනය සිදු කළ යුතු යන්න යන්න සම්බන්ධයෙන් එම ශ්‍රමිකයින් දැනුවත් නොවීම නිසා එන්නත් මාත්‍රාව සේම, ලංකාවේ නිරෝධායන පහසුකම් සදහා අතිවිශාල මුදලක් වැය වෙන බවත්, එය නිරපරාදේ තමන් උපයා ගත් මුදල් නාස්ති වීමක් හා කාලය අපතේ යාමක් වන බව ඊශ්‍රායලයේ වෙසෙන ලාංකිකයෝ පෙන්වා දෙති. එබැවින් එලෙස දුක් මහන්සියෙන් උපයා ගන්නා මුදල් නාස්ති නොවීමට ඉඩ නොදී ඒ ගැන රජයේ ප්‍රතිපත්තිය ගැන හැකි ඉක්මනින් තමන්ට දන්වන්නැයිද එම ලාංකිකයෝ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානපති ප්‍රමුඛ තානාපති කාර්යාලයෙන්කාරුණිකව ඉල්ලා සිටිති. 

මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේ රජයේ නිරෝධයන නීතී රීති වලට අනුකූලව පමණක් විදේශයන්හි සිටින ලාංකිකයින් ගෙන්වීම සිදු කරන බවය.

Classified_Ad

Classified_Ad_News_Bottom